Chapter 07

163 21 20
                                    

"එපාහ්.. සොරි කියන්න ඕනේ නෑ, මං දන්නවා ඔය මට එච්චර කැමති නෑ කියලා.." රයන් එහෙම කියද්දී යුගත් එයාගේ එහා පැත්තෙන් ඉදගත්තේ එයාගේ අතේ තියෙන බෝටල් එකයි ග්ලාස් එකයි දෙකම පැත්තකින් තියෙන ගමන්..

"ඇයි එහෙම කියන්නේ ??" යුගත් රයන් ගේ ලාවට පියවෙලා තියෙන ලා කොළ පාට ඇස් දෙක දිහා බලාගෙන ඇහුවා..

"මං දන්නවා.. ඒක නේ ඔයා මාව ගණන් ගන්නේ නැත්තේ.." රයන් යුගත් දිහා නොබලාම කිව්වේ එයාගේ ඇස් දෙකෙන් කදුළු බින්දුව බින්දුව වැටෙද්දී..

කොච්චර කොහොම ශක්තිමත් වගේ ඉන්න හැදුවත් රයන් කියන්නේ පුදුම සෙන්සිටිව් ළමයෙක්.. පොඩි කාලෙම තාත්තා නැතිවෙද්දී, ලොකු වෙද්දී අම්මත් එක්කත් වැඩිය කාලය ගත කරන්න බැරි වෙද්දී, තනියමම ඉද්දි එයාටත් ඉගෙන ගන්න වුනා කොහොමද ලොකු මනුස්සයෙක් හිතන්නේ කියලා..

දරුවෙක් වගේ ඉන්න ඕනේ කාලේ එයා එයාට නොතේරෙන ලෝකය තෙරුන් ගන්නම එයාගේ ළමා කාලේ වැය කළා..

එයාට ඕනේ උනා එයාව තෙරුන් ගන්න කෙනෙක්, එහෙම කෙනෙක් නැති වෙද්දී එයා ලෝකේ තේරුම් ගන්න උත්සහ කරා..

"පිස්සු.. මං ඔයාට අකමැති නෑ.." යුගත් හෙමින් සැරේ එයාගේ ඇගිලි රයන් ගේ කම්මුල් මත තිබ්බේ , ඒ වැටෙන කදුළු බින්දු ලාවට පිසදාන ගමන්..

"මං දන්නවා.." රයන් මුණ උස්සලවත් බැලුවේ නෑ..

"මොකක් ද?" රයන් කියන හැමදේටම උත්තරයක් දෙන්නා යුගත් උත්සහ කරා..

"ඔයා මට කැමති නෑ කියලා.." රයන්ගේ හිත වෙනස් කරන්නම බෑ.. ඔව් එයා විශ්වාස කරන්නේ දැනෙන දේ... කියන දේවල් විශ්වාස කරලා රැවටුනාම මිනිස්සු විශ්වාස කරන්නේ දැනෙන දේ විතරයි..

"පිස්සු.." යුගත් මිමිනුවා..

"ඔව් පිස්සු කියන්නේ කැමති නැති නිසා නේ.." රයන්ට එකට නම් යකා නැග්ගා.. ඇයි යකෝ පිස්සු පිස්සු ගාන්නේ... රයන් කෑගැහුවට යුගත් ට නම් එකට හිනා..ඔව් යුගත් ඇස් දෙකත් පොඩි කරන ගමන් හයියෙන් හිනා වුණේ රයන්ට එයා ඉන්න ලෝකෙත් අමතක කරන ගමන්...

යුගත් හිනා වෙද්දීත් ලස්සනයි!! යුගත් පුදුම ලස්සනයි!!

යුගත් ගේ මුණ යන්තම් රතු වුනු විදිය, එයාගේ ඇස් පොඩි වෙලා එයාගේ පේලියට තියෙන දත් ටිකත්, රෝස පාට තොල්,යාන්තමට මූණට වැටිලා තිබ්බ කොන්ඩේ..

White Lies | Sinhala blWhere stories live. Discover now