-Part 7-

73 16 0
                                    

In the morning

ජනේල වලට දාලා තිබ්බ දුහුල් සුදු පාට තිර රෙදි වලින් පෙරිලා ආව ඉර එලිය කෙලින්ම වැරුනේ ගොඩක් සැප පහසු බ්ලැන්කට් එකක් යට ෆ්ලෆී කොට්ටෙකට ඔලුව තියාගෙන සිනිදු ඇදක නිදාගෙන හිටිය ටේහ්‍යුන්ගේ මූන මතට.

කිසිම බාදාවක් නැතුව තිර රෙදි වලින් බේරිලා ආව ඉර එලිය ටේහ්‍යුන්ගේ මුහුණ සිපගනිද්දි කෙදිරි ගාලා එහාට මෙහාට ඇඹරුනු ටේහ්‍යුන් අවසානයේ ඇස් දෙක බාගෙට ඇරියා.

නිදිමතේම තමන් මේ ඉන්නේ කොහෙද කියලා කල්පනා කරපු ටේහ්‍යුන්ට වෙනදා තමන්ගේ කාමරේ තියෙන සුදුපාට සිවිලිම වෙනුවට තද අලු පාට සිවිලිමක් පේන්න තියෙනකොට ටේහ්‍යුන්ගේ ඇස් දෙකම ඇරුනා වගේම එයා අකුණක් ගැහුවා වගේ ඇදෙන් නැගිටලා කෙලින් වෙලා ඉදගත්තා.

මෙච්චර වෙලා බෙල්ල ලගටම පොරවගෙන හිටිය ඩුවට් එක නැගිටිනවාත් එක්කම ඔඩොක්කුව උඩට වැටුනාම ටේහ්‍යුන් ඒකත් අත් වලින් ගුලි කරගෙන එයාගේ ඇස් වලට ආගන්තුක ඒ මුලු කාමරේම ස්කෑන් කරන්න ගත්තා.

මුලු කාමරේම එක බැල්මකින් බලාගෙන ආව ටේහ්‍යුන්ගේ ඇස් නැවතුනේ එකම එක දෙයක් මත විතරයි.

ඒ එයා ඉන්න ඇදේ එයාට එහාපැත්තෙන්ම ඩුවට් එක අස්සේ නිදාගෙන ඉන්න පුද්ගලයාගේ මූන මත විතරයි.

සාමාන්‍යෙන් නින්දට යද්දි ශර්ට් එකක් අදින්නෙ නැති ජන්කුක් අදත් නිදාගෙන හිටියේ ශර්ට් එකක් නැතුව. ටේහ්‍යුන්ගේ පැත්ත හැරිලා මුනින් අතට කොට්ටෙට කම්මුලක් තද කරගෙන නිදාගෙන ඉන්න ජන්කුක්ගේ සන්සුන් මූනේ හැම අගලක් අගලක් නෑරම ටේහ්‍යුන්ගේ ඇස් හරින හිමින් එහෙ මෙහෙ ගියා. එයාගේ ඇස් වලට ඒ දකින රූපේ රස විදින්න කිසිම හදිස්සියක් තිබ්බේ නෑ.

ඩුවට් එකෙන් වැහිලා තිබ්බේ ජන්කුක්ගේ ඉනට චුට්ටක් උඩට වෙන්න හරියක් විතරක් වෙනකොට ටේහ්‍යුන්ගේ ඇස් ජන්කුගේ නිරුවත් පිට පුරාත් යන්න ගත්තා.

දකුණු උරහිසේ පිටිපස්සේ ඉදන් ඇදිලා තිබ්බ ටැටූ එකේ ගිනි පිඹින මකරෙක් එක්ක එකට පැටලුනු වතුර වලට අධිපති කියලා හිතන්න පුලුවන් මකරෙක් ඉන්නකොට ටේහ්‍යුන් එයාගෙ අතක් උස්සලා ඒ හීනි ඇගිලි ජන්කුක්ගේ ටැටූ එක උඩ පරිස්සමට අරගෙන ගියා.

𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎Where stories live. Discover now