-Part 5-

68 14 0
                                    


Yes, i lost my mind...
Part 5

.......................

🚫⚠️️කිසිම අයුරකින් මෙම කතාව උපුටාගැනීම හෝ තවත් තැනක පල කිරීම සපුරා තහනම්. එසේ පලකිරීමට අවශ්ය නම් කරුණාකර මාගෙන් ඒ සදහා අනුමැතිය ලබාගන්න⚠️️🚫

නැම්ජූන් පස්සෙන් බ්ලැක් ඒන්ජල්ස් ලා පේලියට බැක් ස්ටේජ් එකට ගියා.

පඩිපෙලක් බැහැගෙන පොලොව යටට වෙන්න වගේ හදලා තිබ්බ බැක් ස්ටේජ් එකට ආව බ්ලැක් ඒන්ජල්ස්ලා jjk වෙනුවෙන් වෙන් කරලා තිබ්බ මේකප් රූම් එක හොයාගත්තා. ඒත් ඒකෙ දොර ලග එලියෙන් ලොකු සද්දන්ත ගාඩ්ස්ලා දෙන්නෙක් ගල් ගිල්ලා වගේ බලාගෙන ඉද්දි මනුස්සයෙක්ට තියා මැස්සෙක්ටවත් ඒකෙ ඇතුලට පිටින් යන්න බෑ.

" හ්- හියුන් දැන් අපි මොකද කරන්නෙ?"

අවුරුදු ගානකට පස්සෙ තමන්ගේ ආදරේ දකිනකන් නොයිවසිල්ලෙන් හිටිය ටේහ්‍යුන් නහයත් එකපාරක් උඩට ඇදලා නැම්ජූන්ගෙන් ඇහුවේ එයාලාගේ ඉස්සරහා ඉන්න ගාඩ්ස්ලාට මොකද කරන්නෙ කියලා.

" අපි මෙතන ටිකක් පහු කරගෙන හිමීට ඉස්සරහට යමුකො.."

හරිම නිවුනු විදිහට කිව්ව නැම්ජූන් මේකප් රූම් එකක් හොයාගෙන යනවා වගේ දොරවල් වල බෝඩ් බල බලා jjkගේ රූම් එක පාස් කරන් ටිකක් ඉස්සරහට ආවා.

" අපේ ගාඩ්ස්ලා හය දෙනෙක් බැක් ස්ටේජ් එකට එවන්න.."

Jjkගේ රූම් එක පාස් වෙනවාත් එක්කම තමන්ගේ කෝට් එකේ සාක්කුවෙන් ෆෝන් එක ඇදලා ගත්තු නැම්ජූන් එයාලාගේ සිකුරිටි එකට කෝල් එකක් දාලා එයාලාගේ ගාඩ්ස්ලා හය දෙනෙක් බැක් ස්ටේජ් එකට ගෙන්නගත්තා.

" අර දොර ඉස්සරහා ඉන්න ගාඩ්ස්ලා දෙන්නව උස්සගෙන පලයං! "

තමන් ලගට ආව ගාඩ්ස්ලා දෙන්නට jjkගේ රූම් එක ඉස්සරහා හිටිය ගාඩ්ස්ලාව නැම්ජූන් පෙන්නද්දි අනිත් අයගේ ඇස් ලොකු වෙලා ගියා.

නැම්ජූන්ට ඔලුව නමලා ආචාර කරපු ගාඩ්ස්ලා හය දෙනා නැම්ජූන්ගේ අණ ඉශ්ඨ කරන්න ඉස්සරහට ගියා.

Jjkගේ රූම් එක ඉස්සරහා හිටිය ගාඩ්ස්ලා අඩි 6ට වඩා උස සද්දන්තයෝ උනා. ඇත්තෙන්ම හොදින් සටන් කලාව ප්‍රගුණ කරපු නැම්ජූන් වගේ කෙනෙක්ට වත් එයාලා එක්ක ගහගන්න බෑ.

𝐼 𝑙𝑜𝑠𝑡 𝑚𝑦 𝑚𝑖𝑛𝑑✔︎Where stories live. Discover now