දඬු මොණරු 3

Start from the beginning
                                    

නැන්දා ඒ ටික නම් කිව්වෙ හෙමින් වට පිට බල බල.

"නැන්දා ඉන්නෙත් මෙහෙමද"

"ඔව්නේ, මිනිහත් මැරුණ, ළමයි දෙන්නත් ගමේ නෑනෙ, ඒ නිසා ලොකු හාමිනේලට උදව් කරගෙන මෙහෙට වෙලා ඉන්නවා "

සෝමා නැන්ද හරි මෙහෙ ඉන්න එක ලොකු දෙයක්, අපි ආව වෙලේ ඉඳන් අපි ගැන හොයල බැලුවේ එයා විතරයිනෙ.

"මං එහෙනම් යන්නම්, ඔය දරුවෝ දෙන්නත් එක්ක දොරවල් ජනෙල් හොඳට වහගෙන නිදා ගන්න එහෙනම්"

"හොඳයි නැන්දේ"

කාලා ඉවර වෙලා නැන්දා ගියාම අපි දෙන්නත් කාලා ඉවර වෙලා කාමර දෙකට ගියේ නිදා ගන්න. ගෙදර නම් එකම කාමරේනෙ හැමෝම නිදා ගත්තේ, ඒ නිසා තනියම නිදා ගෙන පුරුදුත් නෑ. මල්ලිට තනියම කාමරේක නිදා ගන්න ආස ඇතිනේ, ඒ නිසා ඔන්න ඔහේ ඉන්න දෙනවා..... එහෙම හිත හිත මං කාමරේ තිබ්බ පුංචි ඇදෙන් ඉඳ ගත්ත. පොඩි ලී ඇදක් එක්ක පරණ කොහු මෙට්ටයක් තිබුණේ. සෝමා නැන්දා ඇවිත් ඔක්කොම අස් කරලා බෙඩ් ෂිට් කොට්ට උර දාලා තිබ්බ නිසා හොඳයි. මේක අම්මලාගේ පරණ මහ ගේ වෙන්න ඇති.

ගෙදර බිම නිදා ගත්ත අපිට මේ කොහු මෙට්ටෙ නිදා ගන්න එක මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඒ උනාට අද හරි හැටි නින්දක් නෑ, මං හිතන්නේ අලුත් තැනක් නිසා වෙන්න ඇති, අපි කවදාවත් ගෙදරින් පිට රැයක් ඉදල නෑනෙ.

ඇදට වෙලා ඔහේ කල්පනා කර කර ඉද්දී මාව ගැස්සුනේ එක පාරටම ඇහිච්ව සද්දයක් නිසා. මුලින්ම මොකක්ද කියලා තේරුම් ගන්න බැරි උනත් මං ටිකක් වෙලා අහන් හිටියා. හරියට මනුස්සයෙක් හූ තියනවා වගේ, එහෙම නැත්නම් අම්මෝ කියල කෑ ගහනවා වගේ. ඒක ඇහෙන්නේ එකම විදියකට, විනාඩියෙන් විනාඩියට වගේ, ටිකක් ඈතින් ඇහුණු සද්දෙ ටික වෙලාවකදී හොඳට ඇහෙන්න ගත්තා. මල්ලි එක පාරටම කොට්ටෙයි, බෙඩ් ෂිට් එකයි අරගෙන එන්නම් කාමරේට දුවන් ඇවිත් ඇදට පැන්න, ඒකා හොඳටම බය වෙලා. මං ඒ තරම් බය නැති නිසා හොඳයි.

"අය්යේ මොකක්ද ඕයි ඒ සද්දෙ, මේ බලනවා මගෙ ඇගේ හිරි ගඩු පිපිලා"

"මන්ද ඕයි, කවුරු හරි ගෑණු කෙනෙක් කෑ ගහනවා වගේනේ"

"අද මං ඔයා ළඟ ඉන්නම් හා ද "

දඬු මොණරු Where stories live. Discover now