Part 4

71 11 0
                                    

⚫" මොකද්ද එතන උනේ .. ? "

මරණයට අධිපති දෙවියා JK ගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ආත්ම අධිකරණයේදීය .

💜️" දෙවියනි .. ඒ මැරුණු පුද්ගලයාට ජීවත් වෙන්න සෑහෙන පින් තිබුනා . ඒ වගේම මරණය ගැන ඔහුගෙ හිතේ කිසිම අදහසක් තිබ්බේ නෑ .. ජීවිතය ගැන කලකිරිලා හිටියෙත් නෑ ..

ඒ නිසා මම අණ කලා ඔහුට ජීවය ලබා දෙන්න .."

සිදුවුනු දෙය JK දෙවියන් හට පැහැදිලි කර දුන්නා .

⚫" ආත්ම පොත රැගෙන එන්න .."

මරණයට අධිපති දෙවියා ඔහුගේ සේවකයෙකුට අණ කලේ , මරණයේ දූතයන් සිදුකරන සෑම රාජකාරි කාර්‍යයක්ම සටහන් වන පොත රැගෙන ඒමටයි .

එම පොත ගෙන ආ පසු මරණයට අධිපති දෙවියා එය පෙරලා බැලුවා .

⚫" ඔව් ඔයා කියන දේ හරි .. ඔයා එයාට ජීවිතය නියම කරලා තියෙනවා .. ඒ වගේම ඔයාගේ සහයකයා එයාට ජීවිතය ලබාදීලා තියෙනවා .."

පොතෙහි සදහන්ව ඇති දේ කියවූ දෙවියා මද වේලාවක් කල්පනා කලා .

ඉන්පසු ඔහු මෙම නඩුවේ තීරණය ලබාදුන්නා .

⚫" මෙම නඩුවෙහි සැකකරුවන් වූ 147 වන කණ්ඩායම් සාමාජිකයන් හා එහි අණදෙන්නා වන JK මෙම අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන අතර , සති දෙකක කාලයක් තුල මෙහි සිදුව ඇති දේ පිලිබදව සොයා බලන ලෙසද JK හා ඔහුගේ කණ්ඩායමට මෙම අධිකරණය විසින් නියෝග කර සිටිනවා .."

නඩුවේ තීන්දුව ලැබුනු පසු JK තම   කණ්ඩායමද රැගෙන නැවතත් තමන් සිටි ස්ථානය වෙත ගමන් කරනවා .

💜️" මෙතන වෙච්ච දේ ගැන අපි ඉක්මනටම ගොයාගන්න ඕනේ .. කෝ එදා මම ඒ මනුස්සයා ගැන බලාගන්න කියපු සහයකයා ..? "

JK තම කණ්ඩායම දෙස බලා ඇසුවා .

" සර් .. ඒ මමයි .."

එක් සහයකයෙක් JK ඉදිරියට පැමිනියා .

💜️" අපි එතනින් ගියාට පස්සේ ඒ මනුස්සයාට මොකද උනේ ..? "

" සර් .. මම එයත් එක්කම ඒ ඇම්බියුලන්ස් එකේම හොස්පිට්ල් එකට ගියා .. නමුත් කිසිම දෙයක් උනේ නෑ ..

🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 🇹 🇭✔︎Where stories live. Discover now