Part 12

67 11 0
                                    

JOON සහ SUGA විශාල එලියත් සමගම ඇස් දෙක ආවරණය කරගත්තත් ඔවුන් හිතුවේ මරණයේ දූතයන් ආව නිසයි එච්චර එලියක් ආවේ කියලා.

මරණයේ දූතයන් ආපු නිසානම් එලියක් ආවෙ.. ඇයි ඒ එලිය සිද්ධස්ථානය පැත්තෙන් ආවෙ?

නෑ JOON සහ SUGA සම්පූර්ණයෙන්ම වැරදීයි.

ඔවුන් වැරදීයි කියලා ඔප්පු කරමින් සිද්ධස්ථානය නැවතත් හෙලවෙන්න පටන් ගත්තා.

යාතිකා හඩ එන්න එන්නම වැඩි වෙද්දි ඒ සෙලවීමත් වැඩිවෙන්න පටන් ගත්තා.

කොහොම හරි සටනින් ජීවයේ දූතයන්ව මගෑරලා SUGA හා JOON සිද්ධස්ථානයේ ඇතුලට ආවේ අර විශාල එලිය මදින් මද අඩුවේගෙන එනකොටයි.

🧡" නවත්තපන් ඕක.."

වෙන කරන්න දෙයක් නැති කොට JOON තමා හැද සිටි ලෝගුව ගලවා දමා ජීවයේ දෙවිදුන් ඉස්සරහට යන්න පටන් ගත්තෙ කෑගසන ගමන්.

JOON ව තනි කරන්න බැරි නිසාම, මරණයේ දෙවියන් පරක්කු එක ගැන කරදර උන SUGAත් තමාගේ ලෝගුව ගලවා JOON ට එකතු උනා.

" හා.. හා.. ධූරයෙන් පහ උන මහලොකු මරණයේ දෙවියන්.. මේ පාර තමුන්ට බෑ මේ පූජාව වෙන එක නවත්තන්න."

JOON ව දැකපු හැටියේ ජීවයේ දෙවිදුන් ගැස්සුනත් ඒ ගැන නොපෙන්වා ඔහු උස් හඩින් කතා කරන්න ගත්තේ දැන් NAMJOON ලග පෙර මෙන් බලයක් නැති නිසාත්, මරණයේ දූතයන් දෙදෙනෙක්ට මේ පූජාව නවත්තන්න බෑ කියලා ඔහු දැන සිටි නිසාත්.

"තමුන් මේ පාරත් හිතාගෙන ඉන්නෙ පූජාව මැද්දට පනින්නද? එහෙනම් මතක තියාගන්නවා දැං තමුන්ට ඉස්සර තරම් බලයක් නෑ.. ඒ වගේම හිතනවද මරණයේ දූතයන් දෙන්නෙක්ට මේ වගේ පූජාවක් නවත්තන්න පුලුවන් කියලා? "

වියරුවෙන් හිනාවෙලා එහෙම කියපු ජීවයේ දෙවිදුන් තමාගේ බලයෙන් උදේ අලු වලට මතුරපු මායාවම භාවිතා කරලා JOON ට සහ SUGA ට පහර දුන්නේ පූජාසනේ ඉදගෙනමයි.

නමුත් මැද්දට පැන්න JIN හා JIMIN තමාගේ මායාවෙන් ජීවයේ දෙවිදුන්ගේ මායාව නවත්තද්දි JOON හා SUGA කට කොනකින් හිනා උනත් ජීවයේ දෙවිදුන් ටිකක් කලබල උනා.

" තමුන්ලා.. තමුන්ලා කොහොමද තමුන්ගේ දෙවියට ඔහොම පිටුපාන්නෙ?

🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 🇹 🇭✔︎Where stories live. Discover now