Part 14

296 28 5
                                    

💜️" ටේ.. මැණික කෝ ඔයා..? "

ලස්සන නිස්කලංක ගම්බද පරිසරයක්..

හවස් වරුවක්..

මද සුලං එක්ක ලාවට තැඹිලි පාටින් හැඩ වෙච්ච අහස එක්ක..

වට පිටාවේ පේන තෙක් මානෙක මිනිස් පුලුටක් තියා ගෙයක්වත් පේන්න නැති ප්‍රදේශයක්..

විශාල වත්තේ එක පැත්තක් පිරෙන්නම වවලා තියෙන එලවලු, පලතුරු මෙන්ම මල් වර්ග..

කැලෑවට මායිම් වෙච්ච, දැවයෙන් නිර්මාණය කරපු වැට එක්ක තිබුනු විශාල නමුත් පැරණි පන්නයේ ගෙදර දකින හැමෝගෙම ඇස් පිනෙව්වා.. නමුත් ඒ ලස්සන දර්ශනය දකින්න හිටියේ ඒ ගෙදර මිනිස්සු විතරමයි.

එතකොට කව්ද මේ කාටද කතා කරන්නෙ..?

Jeon Jungkook තමාගේ ආදරණීය සැමියාටයි මේ අඩගහන්නෙ.

කලුපාට අත් කපපු බැනියමක් ඇදගෙන හිටපු jungkook.. ඔව් එයා දැන් jungkook. ඉස්සර හිටපු jk නෙමෙයි. ඒකට හේතුව මම ඉස්සරහදි කියන්නම්.

ඇගට දාලා තිබ්බ දාඩිය නිසා ඔහුගේ ඇදුම ඇගටම ඇලිලා තිබ්බා. Tatoos ගහලා සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තිබ්බ දකුණු අත, ඇදුමින් කැපිලා පේන abs, කනට දාලා තිබ්බ කරාබු පේලිය, දාඩියෙන් තෙත්වෙලා තිබ්බ ටිකක් වවලා තිබුනු කොන්ඩෙට දාලා තිබ්බ පෝනි ටේල් එක, ඇදලා හිටපු අලුපාට සැහැල්ලු කලිසමත් එක්ක jungkook ගේ කඩවසම් පෙනුම hot & sexy කරන්න බලපෑවා~~

අතේ තිබ්බ පොරව උරහිසට වාරුකරගත්තු jungkook මිදුලේ පිටිපස්සෙ ඉදන් ඉස්සරහට ආවේ තමාගේ ආදරණීය සැමියාව හොයාගෙන.

ඔව් jungkook කියන්නෙ මම කලින් වර්ණනා කරපු ගෙදර අයිතිකාරයා.

එතකොට jungkook ට මෙච්චර දාඩිය දාලා තිබ්බේ ඉස්සරහට එන ශීත කාලයට ගේ ඇතුල උනුසුම් කරගන්න අවශ්‍ය දර දැන් තියාම
සූදානම් කරගන්න උදේ කැලෑවට ගිහින් කපාගෙන ආපු ගහ කෑලි කර කර හිටපු නිසා.

දර පලලා ඉවර උන jungkook තමාගේ ආදරණීය taehyungව හෙව්වේ පැය ගානකින් ඔහුව දැක්කෙ නැති නිසා.

Jungkook ඉස්සරහ මිදුලට යනකොට taehyung එතන හිටියා.. ඒත් තනියම නෙමෙයි.

සුදු පාට අත් දිග සැහැල්ලු කපු රෙද්දෙන් හදපු ශර්ට් එකක් ඇදගෙන දුඹුරු පාට දනහිසටත් වඩා උඩින් තිබුනු ශෝට් එකක් ඇදගෙන හිටපු taehyung හිටුයේ වත්තේ වගා කරලා තිබ්බ ගස් වලට සාත්තු කරන ගමනුයි.

🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 🇹 🇭✔︎Where stories live. Discover now