📖✍️....
'හැමදාම ඉන්නෙ මොකටදැයි මම දැං?'
'බබාත..බබා ම්ම්ම්...'
'ඕ..බබාත මොකද ඉතිං?'
ඇස් දෙකත් බෝල කරගෙන මං ඇරෙන්න කාමරේ තිබුණ හැම තැනකම ඒ ඇස් නතර කරපු පුංචි කෝළම අන්තිමේදි ඒ ඇස් මා ගාව නතර කළා.... මං හිතන්නේ පුංචි නාඩගමට උත්තරයක් හම්බ වෙලා.
'බබාත හබුං හබුං කීන්න අයියා ඕනිනෙ..බබා බාගින්නෙනෙ ඉන්නේ..මේ..ගුදක් බාගිනි එනෝනෙ බබාත'
අහම්බෙන්දෝ මන්දා කෑ ගැහුව බඩත් අතගාලා පුංචි එකා එහෙම කියද්දි තවත් ඒ අහිංසකයව මහන්සි කරන්න හිත නොදීපු නිසා මං එයාට ඕනි උන උත්තරේ දෙන්න තීරණය කළා.
'ගොඩක් බාගිනි එනවද මගෙ පැටියට? එහෙනම් අයියා හැමදාම එන්නංකො බබාට කෑම කවන්න.. ම්ම්ම්? අයියා එක්ක හබුං හබුං කියනව නේද බබා?'
'හුම්ම්.. අයියා දන්නෝද ඉස්සර බබා හබුං හබුං අම්මි එක්ක..පූ ගාලා ආදෙ තියලා අම්මි බත්තිත්තෝ කන්නෝ ගානෝ '
බත් කටක් අල්ලනවා වගේ හදා ගත්ත අතට පිඹලා ඇස් වලින් හිනා වෙවී තවදුරටත් එයාට හම්බ නොවෙන අද වෙද්දි දුර ඉන්න තරුවක්.. මතකයක් වුණ ඒ අම්මා ගැන කියද්දී අදටත් මගෙ ලඟින් ඉදන් ආදරේ දෙන අම්මෙක් ලබන්න මං කොච්චර වාසනාවන්තද කියලා හිතුණා..
ඒත් ආයෙත් අම්මව මතක් වෙලා කෝ අම්මා කියලා ඒ බෝල ඇස් මගෙන් අහද්දි සත්තයි මේ තුන් හිතම ඇවිලුනා.. අනේ මට පුළුවන් උනානම් උඹට විතරක් නෙමේ රත්තරනේ මේ පැටවු ඔක්කොටම මං අම්මෙක් වෙනවා කියලා තද පපුව අස්සේ හැංගුණ පිරිමි හිතම මොර ගෑවා.. ඒත් රළු මවිල පිරුණු මේ පපුව රණ හංසයන්ට අකැප වෙද්දී සෙනෙහෙ බරට බර වුණ ලේ කිරි කරන ඒ අම්මෙක්ගෙ අයිතිය විතරක් නෙමේ මව් කිරි සුවඳත් විසි අවුරුදු පැනපු මේ පපුවේ නොරැදෙද්දි කොහොමද රත්තරනේ මං උඹලට අම්මෙක් වෙන්නේ.....
වෙලාවෙ හැටියට පොඩි එකා අඬන්න ගනීවි කියලා බයටම මම මොනවා කරන්නද කියලා හිතද්දි දෙවියො බැලුවා වගේ මල් මල් කැටයමක් ගිය පුංචි ප්ලාස්ටික් පිඟානකට බත් ඩිංගිත්තක් බෙදා ගෙන දෙනෙති අක්කා කාමරේට ඇවිත් උන්නා. ඒත් එක්කම වගේ මෙච්චර වෙලා ඇඳට වෙලා කෝළම් කතා කියපු පුංචි පැංචත් මගෙ පිටිපස්සට වෙලා එයා කියන හැටියට නාක ආන්තිගෙන් හැංගෙන්න මාන බැලුවා.
YOU ARE READING
අවාරෙක අහම්බෙන්...✍️
Fanfictionමේ වැටෙන මහ වැස්ස සමහරවිට ගිම්හානෙ වැටුණු අන්තිම වැස්ස වෙන්න පුළුවන්.. උඹ හිතන්නත් කලින් ඊළඟ හිරි පොද වැස්සෙන් පස්සෙ උඹට සිසිරයක් උදා වෙලා තියෙන්නත් පුළුවන්... ඒත් ඊට පස්සෙ දවසක එකම එක පුංචි අව් රැල්ලක් හීතලෙන් ගල් ගැහුණු උඹව ආදරෙන් වැළඳ ගද්දි උදා න...