📖✍️...
'බාගින්නෙ.. අම්මි කෝත? අම්මි...අම්.. අප්පුත්තියෙ පුතාගේ අප්පුත්තියෙ කෝ? නෑ? නෑත?...
පුංචි එකා ඉකි ගගහා අම්මව හොයන සද්දෙ එයා උන්න කාමරේ ලඟට යන්නත් කලින්ම මාව හොයන් එද්දී කකුල් ඉක්මන් කරලා පුංචි හා පැංචෙක් එක්ක 21 කියලා ගහලා තිබුණ කාමරයේ දොර ඇරන් මම හෙමීට ඇතුළට ගියා. මොකද මේ පැංචො ඉස්සරහ අපි කලබලව හැසිරුණොත් එයාලා අපිට වඩා කලබල වෙනවා කියන එක මෙතන වැඩ කරන අපි හැමෝම පළවෙනි දවස දෙවෙනි දවස ගෙවෙද්දිම තේරුම් ගන්න නිසා. හැඬුම් හඬ ඇහුවම මම දකින්න බලාපොරොත්තු වුණේ කොහොම කෙනෙක් උනත් මට දකින්න හම්බවුණේ නම් මං බලාපොරොත්තු උනාට වඩා හාත්පසින්ම වෙනස් රූපයක්...
ඒ කටහඬ හුඟක් මටසිලුටුයි... දැනෙන නොදැනෙන ගානට දැනුනු ගැඹුරු බවත් නොතිබුණා නම්... ඇත්තෙන්ම මම රැවටෙන්න තිබ්බා..මේ කෙලි පැංචෙක් කියලා... ඒත්...නතර වෙන්න නොහිතුවත් මාව දොර ළඟම නතර කරවන්න ඒ රූපෙට පුළුවන් වුනා...
හිතෙන්නෙ ඒ ඇස් ඉස්සරහා මගෙ පළමු පෙම පටන් ගත්තා කියලද? නැහැ.. එහෙම නෙමේ..
පරිසමාප්තියෙන්ම මිහිරි වුණ ඒ කටහඩේ අයිතිකාරයා අවුව එක්ක පොර බදලම අව ගහපු හමක් තිබ්බ..හුස්ම ඉහළට ඇදපු වාරයක් පාසා උරස් කූඩුවට ඇළුණු හමේ එක තැනක් නෑර හැමතැනම කැළැල් තිබ්බ..වයසට වඩා වයසට ගිය කරන්ගැට්ටි වුණ කොලු පැටියෙක් වුණ නිසයි මගෙ කකුල් මටත් කලින් නතර වුණේ.. හඬා වැටෙන බෝළ ඇස් මුව පොව්වෙක් වගේ උනත්..වෙව්ලපු දෙතොල් හරි ගානට සිතුවමක අන්ඳපු පුංචි රෝස පෙති දෙකක හැඩ ගත්තත්... විටින් විටේ ඉහළට ඇදපු නහය හරි පරිස්සමින් පිළිමෙක නෙළුවා වගේ තිබ්බත්.. ඒ හැමදේකම ලස්සන කරන්ගැට්ටි වුණ ඕනවටත් වඩා මේ ගෙන්දගම් පොළොවෙ දුක් වින්ද බව කියා පෑව ඒ ඇඟපත ඉස්සරහා නොපෙනෙන ගානටම වහං වෙලා තිබ්බා...
එයාව නළවන්න එක එක කෝළම් කර කර ඔට්ටුවෙන මෙතන පැංචන්ව බලා ගන්න අක්ක කෙනෙක් වුණ දෙනෙති දිහා බලාගෙන උන්නු ඒ කඳුළු පිරුණු බෝල ඇස් අහම්බෙන් මගෙ ඇස් වල ගැටෙද්දි අනේ මගෙ හිත මොර ගෑවා ගිහින් ඒ කඳුළු පිහදාලා තුරුළටම ගනිං කියලා..ඒ ඇස් කරේම ආයාචනයක් වෙදදි රූටලා වැටුණු කඳුළු කැට අසරණකම පොදි බැඳගෙනම කම්මුල් තෙත් කරලා තිබ්බා.
YOU ARE READING
අවාරෙක අහම්බෙන්...✍️
Fanfictionමේ වැටෙන මහ වැස්ස සමහරවිට ගිම්හානෙ වැටුණු අන්තිම වැස්ස වෙන්න පුළුවන්.. උඹ හිතන්නත් කලින් ඊළඟ හිරි පොද වැස්සෙන් පස්සෙ උඹට සිසිරයක් උදා වෙලා තියෙන්නත් පුළුවන්... ඒත් ඊට පස්සෙ දවසක එකම එක පුංචි අව් රැල්ලක් හීතලෙන් ගල් ගැහුණු උඹව ආදරෙන් වැළඳ ගද්දි උදා න...