වසන්තය එන්නේ අපිට කලින් දැනුම් දීලා නෙමේ... අහම්බෙන් ආව අව් රැල්ලක් සීතම සීත හිම පියලි සිඹිද්දී ආදරේ ළඟ දිය වෙන අපේ හිත් වගේම ඒ හිම පියලි දිය වෙද්දී.. සීතලට ගුලිවුණු ගස්වල අතු අතර ඉර එළියට ආවඩන්න මල් කැකුළු පෙති දිගහරිද්දී.. නින්ද ගිහින් උන්නු වලස් අම්මලට කෑම හොයන්න යන්න ඇහැරෙද්දි... කාටත් හොරෙන්ම වසන්තය උදා වෙලා ඉවරයි.ඒත් උදා වුණේ කවදද කියලා නොදැන උන්නට උදා වුණ වසන්තයේ ලස්සන විදින්න... වසන්තය එක්ක ලස්සන හීන දකින්න පරක්කු වෙන්න හොඳ නැහැ...
මේ ඉතින් මගේ කතාව... මටත් හොරෙන් මං වෙනුවෙන් වසන්තය අරන් ආව මගෙ දේව් ලියපු මගේ කතාව..
එයාට විතරක් ඉන්දු උන මම විදුල ඉන්දීවර..
කැමති ද එයාව දකින්න? මටත් හොරෙන් මට වසන්තයක් උදා කරපු එයාව.. දකින්න කැමතිද?
එයා නදෙව් මෙත්සිළු දහනායක.. රූපෙන් වගේම හදවතිනුත් දෙවියෙක් වෙච්ච දේව්
රූපෙන් වගේම හදවතිනුත් දෙවියෙක් වෙච්ච දේව්
📕.චූතිගෙ කතාව කියවන්න ආව ඔයාත ආජලෙයි 🥺❤️
YOU ARE READING
අවාරෙක අහම්බෙන්...✍️
Fanfictionමේ වැටෙන මහ වැස්ස සමහරවිට ගිම්හානෙ වැටුණු අන්තිම වැස්ස වෙන්න පුළුවන්.. උඹ හිතන්නත් කලින් ඊළඟ හිරි පොද වැස්සෙන් පස්සෙ උඹට සිසිරයක් උදා වෙලා තියෙන්නත් පුළුවන්... ඒත් ඊට පස්සෙ දවසක එකම එක පුංචි අව් රැල්ලක් හීතලෙන් ගල් ගැහුණු උඹව ආදරෙන් වැළඳ ගද්දි උදා න...