GOLDEN CHAT - 26

57 4 1
                                    

Golden Author vk_panther

Golden Author vk_panther

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?

මම ආවේ 2021 පෙබරවාරි මාසෙ 

02.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?

ආව දවසේම එකක් ලීවා.. හීහී

03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?

මම පොඩි කාලෙ ඉඳන්ම පොත් ලියන්න ආසායි. පොඩි කාලෙ මම චූටි චූටි කතා ලියනවා පුලුවන් වෙලාවට. කතා ලියන්න පුලුවන්ද ඇප් එකක් තියනවා කියලා දැන ගත්තාම මම ඉක්මනට install කර ගත්තා.

04.ඔයා BTS Fan කෙනෙක්ද?

අනිවාර්යයෙන්ම ❤️

05.ඇයි ඔයා පොත වෙනුවෙන් Taekook කියන ship එක තෝරගත්තේ?

මගෙ බහුතරයක් පොත් ටේකුක්. ඒකට හේතුව මම ටේකුක් බිලීව් කරන නිසා. හී..❤️

06.ඔයා මේ Taekook ship එක විශ්වාස කරනවද?

අනිවාර්යයෙන්ම

07.ඔයාගේ පොත් වල Top Bottom කවුද?

i) Top Tae පොත් කීයක් තියෙනවද?

 2යි

ii) Top Kook පොත් කීයක් තියෙනවද?

ඇත්තටම මගෙ පොත් හැට දෙකක් තියෙ.. එතොකට වට්පෑඩ් ඔරිජිනල් 2කකුයි විමින් ජිකුක් ටිකකුයි ටොප් ටේහ්‍යුන් දෙකයි ඇර අනිත් ටික සේරම ටොප් කුක්. දල වශයෙන් 50 පැනලා ඇති... වැඩීද මන්දා.. හී

08.ඔයා දෙන්නට support කරනවද?

අනිවාර්යයෙන්ම කරනවා

09.ඔයා non fictional ලියනවද? ඒකට හේතුව කුමක්ද?

මම එකක් ලියන් යනවා. කලිනුත් එකක් ලියලා තියෙ. පලවෙනි එක නම් ලීවෙ මම පෞද්ගලික ඉල්ලීමකට. දැන් ඔන්ගොයින් එක නම් කට්ටිය ඉල්ලලා තිබ්බ නිසා මට ලියලා බලන්න ආසා හිතුනා. මම වැඩීයෙ ලියලත් නැති එකෙ ලියලා බැලුවා ඉතින්. හී..

10.වට්පැඩ් වල දැන් තියෙන තත්වය පිළිබඳව ඔබ සතුටුදායක ?

මම දකින වපසරිය තුල මට සතුටුදායකයි.

11.ඔයා ඔයාගේ පාඨකයෝ සම්බන්ධයෙන් තෘප්තියක් ලැබුවද?

හැම වෙලාවකම.. එයාලා නැත්තං මම කවදාවත් පොත් ලියන එකක් නැහැ

12.පාඨකයන් ඔයා බලාපොරොත්තු වෙන සහයෝගය ඔයාට ලැබෙනවද?

 ඔව්.. හැමෝම නැතත් සැලකිය යුතු පිරිසක් කමෙන්ට් කරනවා. මම ඒක ගැන සතුටු වෙනවා. ඒ වගේම එයාලා කියවන එක ගැනත් සතුටුයි මට.. මගෙ විකාර කතාව එයාලා කියනවානේ කියලා හිතද්දී මට සතුටුයි.

13.පාඨකයන්ගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ සාමන්‍යයෙන් මොන වගේ දේවල්ද?

මම ආසයි එයාලා හැමෝම මට චූටි හරි දෙයක් කියලා යනවා නම් කමෙන්ට් එකක. අඩුපාඩු හරි කමක් නෑ. මට හදා ගන්න පූළුවන් නේ... ☺️

14.ඔයා ලියපු පොත/පොත් සම්බන්ධයෙන් ඔයා සතුටු වෙනවද?

මට සමහර ඒවා නම් මදි කියලත් හිතෙනවා. ඒත් ඉතින් මම කොහොම හරි ලීවනෙ. ඒකනෙ වටින්නෙ. ඉතින් මම ඒක ගැනත් සතුටු වෙනවා❤️☺️

15.අවසාන වශයෙන් වට්පෑඩ් භාවිතා කරන අයට කියන්න තියෙන්නෙ මොනාද?

නොරිදවා නොරිදී ජීවත් වන්න ..
Live and let live ❤️

ස්තූති ගරු කතෘ තුමියනි අප හට සහයෝගය ලබා දීම පිළිබඳව.


ස්තූති ගරු කතෘ තුමියනි අප හට සහයෝගය ලබා දීම පිළිබඳව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2023-2024
☽⛭.

ECLIPSE AWARDS - INTERVIEW [Open Now]Where stories live. Discover now