නින්ද නොයන හැන්දෑවෙ සොදුරුයිද මොන තරම්..ම්ම්ම්ම් ..දුක නැතුව ..අයිශ් lyrics මතක නැනෙ.ඔන්නැ.මට වැඩක් නැ.
.
.
.
.
.
.
"මල්ලි උබ ටිකක් ස්ක්‍රීන් එකෙන් අයින් වෙලා ඉදපන් ටිකක්..පැය ගනන් ඉන්න හොද නැ නෙ ඔහොම"

අහ්හ් මූ බලපන්කො.මන් පැය 10ක් 12 සීරිස් බලනව කියල දන්නවනම් මූට හාටැටැක් හැදෙයි..නැ ඉතින් මටත් මෙ වඩෙ කොරල කම්මැලි තමා..ඒ උනාට මට ඉක්මනට ගෙදර යන්න ඕනි මෙ මගුල ඉවර කරල..මු කියනවන්ම් ටිකක් ඉන්නම්කො..

"පොඩි බේබි මන් බීම හැදුවා කට්ටියට..නෙහාන් බේබිගෙ තේ එක නිමෙන්න තිබ්බා..බීම බොන්න බෑ කිව්වනෙ"

අනේ පව් පොඩි එකා..තේක නිමලද බොන්නෙ තාම. ඒයියා....නැන්දා යනකන් ඉදලා මන් අවුරුදු කුමාරයට පල් හිනාවක් දාලා ගිහින් මගෙ බීම එක ගත්තා..තිබහෙ හිටියෙ මාත්..

"උබ මොකද මට නෝන්ඩි දාන්නෙ"

"මේ මම..නැ..."

"දෙන්නෙ."

තිසරු ලමැදට හරීඊඊඊයට හිනා ඉතින්..

මන් ෆෝන් එකත් අනිත් අතට අරගෙන බිම එකෙන් උගුරක් fb එක පැත්තෙ ගිය...මේකෙත් දැන් මහ විකාර මගුල් එන්නෙ...මේ සීයට හාර්ට් එකක් දාගෙන යන්න පින් සිද්ද වෙයි.මේ බලු පැටව්න්ට ලයික් එකක් දාන්න..මොලේ අමාරුකාරයො පේජ් හදගත්තාම ඔක තමා වෙන්නෙ..අර මාර්ක් අයියට සින්හල බැරි නිසා හොදයි..නැත්තන් ලංකාවට පේස්බුක් තහනම් කරල ගොඩක් කල්..

අඩේ...මේක ලස්සනයි නෙ...මගෙයි තෙරුනි ගෙයි ඉපදුනු අවුරුදු දාල කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්න වෝල්පේපර් එකක්....මේක චැට් එකට දාගත්තනම් මරු...

මන් ඉක්මනට ඒක සේව් කරගෙන ගිහින් අපි දෙන්නගෙ චැට වෝල්පේපර් එකට දැම්ම ඒක...හනෙ..ලස්සනයිඩෝ ඒක..මේකි තව ස්ටේටස් එකක් දාලද .හම්මො තිසරු ලමැදට තියෙන්නෙ ෆයිබර් කනෙක්ශන් ද කොහෙද ..පුදුම ස්පීඩ් මේවා..

මේකි මට පෙන්නමද රෙද්ද මේවා දාන්නෙ....ඇයි බන් කෙල්ල...මන් හිතන්නෙ අද දවසට ඕනවටත් වඩා මගෙ හිත රිවුනා..කොල්ලෙක් ව බදාගෙන කොහෙදො කැලයක් අස්සක ගහපු තව ෆොටො එකක් ස්ටේටස් දාලා තිබ්බා ඒකි...ලෝක ගෝලෙකුත් දාලා..ඔව් ඔව් ඌටත් ලගදීම ලෝක ගෝල පෙනෙයි උල්කාපතත් එක්කම...ශික්..තවත් ලැජ්ජ නැතුව උබ වෝල්පේපත් මාරු කරනව නෙ.ඔව් ඉතින් කරුමයක් තියෙනව නම් ගෙවෙන්නත් එපැයි.

•||...නුඹ හා...||•Where stories live. Discover now