ඌ දන්නවද අපිට හෙන ගැහුවෙ රට කරන්ඩ ගත්තු උන් කියල නෑනෙ......අදුරු වලාපට අතරින් නැගිටින්ඩ කිව්වා...නැගිට්ටා නැගිට්ටමයි......දැන් ඉදගන්ඩ වත් වෙලාවක් නෑනෙ...හුස්ම ගන්න එකට විතරයි සල්ලි ගන්නෙ නැත්තෙ දැන්..........ඉතුරු විසි හතර පැයම අපි දැන් හම්බකරන්න දුවන්න ඕන.ඉතින් කොහෙ ඉදගන්ඩද...

ඒත් හිතෙ කොනක මයින්ද මාත්තියා ඉන්නවා...

අපි වාසුවට එක්කො ....සූර්‍යා කියමු ....නෑ..නෑ...ඔක්කොටම වඩා ඌට වාසුවා කියන එකම හොදයි ..ඒත් උගෙත් ලුක් එක ගජිනි වගේනෙ......මන්දා....

දෙමලො මටත් වටෙ යන්ඩ හිතෙනවා දැන්නම්......

එක සිත දෙතැනක නතර වෙලා වගේ මන්සදයෝ.....!

මං මගෙ ඇස් දෙක කරකවන් හොදට බලාගන උන්නා.....ධීර් යනවා...පොලවටත් වඩා වැඩිය බර අඩි තිය තිය ධීර් යනවා.......මුන් කාගනීදෝ....??

වාසුවත් කාර් එකට හේත්තු වේගන ඒකගෙ අත් දෙක කලිසන් සාක්කුවට ඔබාගන බලාගන ඉද්දි යන්න ගියපු මං ආයම උන් දෙන්නා ගාවට දිව්වා...මොකද මගෙ යටි හිත හිටු කියලා මට සඥ්ඥා එවනවා...මුන් කාගනී...මුන් කා ගනී...මුන් කාගනීමයි කියලා........

කාගත්තොත් මගුලට කලින් මලගෙයක් වෙයි.අයියා මල්ලිලා දෙන්නම ගාව පියාඹන මූනිස්සම්..මෙතන තනිකරම බොම්බෙ ෆිල්ම් එක වෙයි...ඇරත් හැම තැනම වක ගැහුන මන්න......මුන්ට වචනයක් කියන්ඩ බෑනෙ......අඹ කපන පිහියක් හරි එලියට එනවා...

ධීර්......

මොකද ම්ම්ම්...කන්න කියල  නේ මං යැව්වෙ......... යෙන්න අම්මු....සිංහල තේර ඉල්ලෙද ආ....?

මගෙ සුදු දෙමලා මට කටක් අරින්න දුන්නෙ නෑ.........එතනට දූවගන ගියපු මට හරියට හිටගන්න හම්බ උනෙ නෑ.........එයා මගෙන් සිංහල තේර ඉල්ලෙද අහනවා...මට සින්හල තේරෙනවා තොපි කාගනී කියලයි ආවෙ කියන්න ගියත්  මං මගෙ කටෙ තරම එලියට නොදා අහිංසක හිනාවක් එක්ක  වාසුවා දිහා බලලා දීර්ගෙ ශර්ට් කොනකින් ඇද්දා....

අම්මුට සාප්පාඩ කරන්න ලැජ්ජයිනෙ ...කුට්ටි....

ඇයි අම්මුට තනියෙන් සාප්පාඩ කරන්න ලැජ්ජ...ම්ම්ම්..චෙල්ල  කුට්ටි...පෝ.....පාට්ටි ඉන්නවා........

🔱SINGAM🔱जहाँ कहानियाँ रहती हैं। अभी खोजें