The Promise Of Love❤️💚

21 6 2
                                    

මාතලේ යන්ට හදපු ගමනත් මං එකහෙලාම ප්‍රථික්ශේප කරපු නිසා වලව්වේ මහත්තයා මං දිහා ත් ටික වෙලාවක් බලං ඉදල  ගියේ බෝසර ගාවට,

"සදිව්.. මොකද කියන්නේ දැන් ?

මෙච්චර වෙලාම මොකවත් නොදොඩාම හිටපු එයා මා දිහාත් මහත්තයා දිහාත් බලල කිව්වෙ එයා රට යන්ට කැමතියි කියලා වෙද්දී මං දැක්ක මහත්තයගෙ මූණේ ලොකු හිනාවක් ඇදුනා..ඒත් මගේ හිත................................................................




            *     *     *    *    *     *     *






වගීශ උනත් වලව්වේ හිටියා මිසක් මට ඇහැක් ඇරලවත් කිසිම කරදරයක් කරෙත් නැ. මගෙ බටු ඇටේව ඉංග්ලන්ඩ් යවන්ට ඕනා කරෙත් වගීශටම වෙද්දි හීනියට මටත් කුකුසක් හිතේ උපන්නෙ කෙනාගෙ හැට් දැනගෙනම උනත් බටු ඇටෙයි මායි සහෝදරයො කියලා ඌත් නොදන්න විදිහක් නැ වගේම මේ බොරු කතාව හදපු එකා මොකා ද කියලත් මගේ හිතට දැණුනා..

මේ මගුලෙන් බේරෙන්න තියෙන ලොකු ම දේ විදිහට මං දැක්කෙ ආය පාරක් බටු ඇටේව ඇරගෙන කොහේහරි යන එක උනත් එයා කැමති වෙයිද සහෝදරයො කිය කිය හිතට කාවැද්දුම් කරපු වචනත් අහක් කරල මාත් එක්ක  යන්ට .......කෙළෙවරක් නොපෙනෙන ප්‍රශ්නයක පැටළිල ලිහා ගන්ට බැරිව දගලද්දි තමයි මටත් ඉටු දෙයිය වගෙ අප්පච්චි ව මතකයට ආවෙ. එයා ළඟ නං මේකට මක්කහරි විසඳුමක් ඇති ..

මං මෙ හැමදේම හිතුවෙ පහුවෙනිදට යන්ට යොදාගෙන හිටපු  මාතලෙ ගමන අවලංගු කරල  බටු ඇටේත් එක්කල පොල් වත්තට බැහැලා වත්ත බලාගන්ට කියලා හිටපු මුරකාරයගෙ ගේ කෑල්ලට වෙලා . වලව් මහත්තයා ගෝරනාඩු කළේ නැ කියලා කියන්න ත් බැ මොටෝ බලහත්කාරයෙන් මාව එක්කොරං යන්ටත් බැ නොවැ  ..

"අපි මේකට මොකද්ද කරන්නෙ අයියෙ??"

""කරන්ට තියෙන එක මං ඔයාට කියල ඉවරයි බටු ඇටේ"

"....එහෙම කරන්නෙ කොහොමද ...අප්..

"හා..හා...නවත්ත ගන්ට ! මං ඔයි කතාව විසි තිස් පාරක් ඇහුවා හහ්!
ඔයාට ඇත්තටම ..ඕක නැති ව වෙන මක්කවත්ම කියන්ට නැද්ද ??"

රෙද්දක් දොඩෝනවා!

"..ඇයි ඔයාට මෙ ඇත්ත පිළිගන්න බැරි ශාන් ??"

The Promise Of Love❤️💚 Dove le storie prendono vita. Scoprilo ora