The Promise Of Love❤️💚

75 10 5
                                    

" අප්පච්චි ..., මං තියා බෝසරවත් මේ තීරණේට කැමති නැ . අනික ඔයාට බැ.. අපිව බලෙං බන්දන්ට. ...මං දැනුත් කියනවා .. මගේ ජීවිතේ ගැන තීන්දු තීරණ ගන්නෙ මං මිස.. ඔයා නෙවෙ .මුදියන්සෙගෙ කෙල්ල නෙවෙයි ..කොල්ල ආවත්.. මං කැමති නෑ නං .කැමති නෑ ම තමා."



"එතකොට මගේ ඇහැ පියවෙන්න කලින් වත්...දෙන්නගෙන් එක්කෙනෙක් ...ව..



" වලව් අප්පච්චි ට මතක නැතුවද මං මුලදිම කිව්වා....මං කෙල්ලන්ට මනාපයක් නෑ'යි කියාලා..  ඒකෙ අදටත් වෙනසක් නැ ..ඒ හන්දා ..මගුල් තුළා  කරන්න  අදහසක් තියෙනව නම්.. අමතක කරල දාන එක හිතට ගුණයි ..."



" සදිව්ව්ව්...උඹ කාටද ...උඹ දන්නවද ඔය කතාකරන දේවල් ගැන?"


"කතා කරන්නෙ ඔයාට..වලව් අප්පච්චි ට..මාතලෙන් නෙවෙ ..ඉන්දියාවෙන් හරි ගෙනත් .. ඔ⁣යාම බැදගන්න.."


"බෝසර....!! කට ..! වැඩිහිටියන්ට කතා කරද්දි පරිස්සමෙන් "


" තව කොහාට පරිස්සම් වෙන්න ද ශාන් අයියා .. එයාට මෙච්චර කියලත් තේරෙන්නැනම් ...,
          '  අප්පච්චි.. මට කිසිම ෆීලින් එකක් නෑ කෙල්ලො ගැන ..ඔයා ඒක තේරුම් ගන්න ...අනික මං ලංකාවට ආවෙ එයා නිසා .. ආය යනව නම් යන්නෙත් එයා ඇරන් .."


"සදිව්..!....,
  ඉශාන් !! මොනවද ?මොනවද මේකා කියවන්නේ ? මෝල්ගස් දෙකක් එකට අතුල්ල ගෙන  මොනවද උඹලා බලාපොරොත්තු වෙන්නෙ ??



අප්පච්චි ගෙ සැර කතාව ට බුදියං හිටපු මගෙ බටු ඇටෙත් ඈලි මෑලි කඩමින් දොර රෙද්දෙන් එබිල කටගහගෙන ආවෙ අප්පච්චිත් එක්කල වගේම දරුවො ඉදිරියේ කතා කරන්ට නුසුදුසු වචන පවා අප්පච්චි කියවද්දි බෝ ඒකටත් හිනාවුණේ කට කොණකින් සමච්චලේට වගේ


" ගෑනියක් ඇරන්
..ළපටි හදන් ..වලව්ව බලාකියාගෙන නොයිද ..තිරිසන්නු වගේ උඹලටත් හැදෙන්නද ඕන?? ඇසුරු කරන්න ගද්දී .. තමන්ගේ තත්වෙට ගැළපෙන එකෙක් ව හොයාගන් නැති ව.. අඩු කුලේ ..මිනිස්සුත් එක්ක ..පෑහිල..උඹලා මට දෙන්නෙ එසේ මෙසේ ගින්දරක් නෙවෙයි ...........ඉශාන් ..මුදියන්සෙගෙ ලොකු කෙලී තාම උඹට මනාපයිලු ලැහැස්ති වෙයන් හෙට දිහා එහේ ගිහින්  එන්න "



The Promise Of Love❤️💚 Where stories live. Discover now