The Promise Of Love ❤️💚

292 16 1
                                    

               
මගේ බටු ඇටේ...

      ජීවිතේ ගැන මම ඕනාවට වඩා බලාපොරොත්තු තියාගත්තෙ නෑ.ඒත් ,ජීවිතේ ට ආදරයත් ඕන නේද කියන සිතිවිල්ල මගේ හිතට ආවේ සංසාරේ පුරුදු ලස්සන ඇස් දෙකක් ළඟ මගේ හිත මටත් අකීකරු වෙලා නතර උනා ට පස්සෙයි......................................
................................................
................................................
................................................
                   මං ඔයාගෙ
                         හිච්චොං අයියා

         
      
                   01🥀

වර්ථමානය 🌻

                   
"ඉලංගප්පෙරුමගේ ඉශාන් හංසක  නැමැත්තා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනවා" කියලා කියද්දී මං නඩුකාර උන්නාන්සෙ දිහා බලන්හිටියෙ එල්ලුන් ගහ පේන තෙක්මානෙ න් නැතිවුණු නිසා.
උසාවි භූමියෙන් එළියට ආපු මට වලව්වේ සියදෝරිස් මාමා ඇවිත් කාරෙකට නගින්ට කීවම  එයා කියන්න ඇති කියලා හිතාගෙන මාත් පිටි පස්සෙන් නැග්ගට දෙයියනෙ ඉස්සරහ හිටපු එයා හැරිල මාත් එක්ක හිනාවුණා. මග දුරක් ගිහින් කරෙක නවත්තල සියදෝරිස් ට ටැක්සියක යන්ට මුදල්දීල එයා මාව කාරෙකෙන් බස්සගත්තෙ මට ඩ්‍රයිවින් සීට් එක පෙන්නලා.

යන්නෙ කොහෙද කියලවත් එයා වත් මමවත් ඇහුවෙ නැති වුනාට ඇස් මායිමේ පේන  දුරට තියෙන  පරෙයිදුව ළඟ විකුණන හිමකිරම වෙළෙන්දා ළඟට කරන්  කාරෙක නැවැතුනෙ මට ඉබේටම වගේ වෙද්දී මං එයා දිහා හොරෙන් බැලුවම එයත් බිම බලාගෙන හිනාවෙනව.ඉතිං තවත් මොකටද බලං ඉන්නෙ..බහින්න කලින් මට  එයා පසුම්බිය ක් අරගෙන මගෙ අතෙ රැදෙව්වම ඒ මගෙ කියල මතක්වෙන්න මට වැඩි වෙලාවක් ගියෙ නැතිවුණා .කොච්චර කාලෙකට පස්සෙද ඒක දැක්කෙත්.

"ඕකෙ මුදල් තියෙනවා..ඔයාම හම්බකරපුව.මට අරවයින් දෙකක් ඕන හොදද.."

පසුම්බියෙ ති⁣යෙන ඒව මං හම්බකරපුවයි කියන්නේ එහෙනම්   බන්ධනාගාරේ යන්න කලින් කනත්තෙ ගෙවුණු මාස හය වෙන්නැති මේ.

වෙලෙන්දගෙන් අයිස් ක්‍රීම් ⁣දෙකක් ගනිපු මං එද්දී එයා කාරෙකෙන් බැහැල බොනට් එකට පිටදීල හිටියේ  අත් දෙක බැදන් මගෙ දිහාම බලාගෙන.

The Promise Of Love❤️💚 Where stories live. Discover now