"වෙච්ච දේට sorry අයියෙ.
දැන් අසනීප හොඳයිද?"

"ඔව් සර්!
ඒත් ඉතින් බේත් ගන්නත් වියදමක් ගියා!"

"එතකොට අම්මට කොහොමද?
එදා වෙච්ච පාඩුව නිසා මොකුත් ප්‍රශ්නයක් වුනේ නෑ නේද?"

"අනේ සර්, දවස් දෙකක් බේත් නැතුව ඉන්න වුනා.
අසනීප හොඳටම වැඩි වුනා.
අපි එදා වේල හම්බ කරගන්න මිනිස්සුනෙ සර්. ඔහොම දෙයක් වුනාම හැමදේම ඉවරයිනෙ!"

"ඇත්තටම සමාවෙන්න අයියෙ.
මං ගාව මේ වෙලාවෙ දෙන්න සල්ලි නම් නෑ. ඒත් වෙච්ච සේරම පාඩුවට හරියන්න මගේ watch එක මං අයියට දෙන්නම්. මේක ගොඩක් වටිනවා.
අම්මට මාස දෙක තුනකම බෙහෙත් ගන්න පුළුවන් වෙයි මේක විකුණ ගත්තොත්!"

"අනේ සර්!
සරුත් මේ බොරුවක් නෙමෙයි නේද කරන්නෙ?
අපි දුප්පත් අසරණ මිනිස්සු සර්!"

"නැහැ. නැහැ.
කීයටවත් නැහැ.
මේ බලන්න. මෙන්න මේ තියෙන්නෙ ඔය watch එක. අලුත්ම එකක් ගන්නවා නම් රුපියල් පනස්දාහක් වෙනවා. ඕක අරන් මාසයක්වත් නෑ. ඒ නිසා ලොකු ගානකට විකුණගන්න පුළුවන් වෙයි."

සංසාරේ...
මේ මනුස්සයට සල්ලි වැඩි වෙලාද දෙයියනේ?
මටවත් දෙන්න එපැයි වැඩක් නැත්තම්!
රුපියල් පනස්දාහක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද?
මං ශේප් එකේ අයියගෙ ශර්ට් එකෙන් ඇද්දෙ අද පිස්සු පෙත්ත බිව්වෙ නැද්ද අහන්න.
ඒත් මෙයා මාව තල්ලු කරලා දැම්මා මිසක් ඇහැක් ඇරලා බැලුවෙ නෑනෙ.
ගෑස් පෙන්නනවා කියලා ඔහොමත් ගෑස් පෙන්නන්න එපා චූටියො, ඩැඩාගෙ හිත රිදෙනවනෙ.
.
.
.
.
.
.
"Thambaru!
Get in the car!"

අන්තිමේ අපේ වෙස්සන්තර අයියගෙයි ත්‍රීවීල් අයියගෙයි ලව් එක ඉවර වෙනකල් වේලි වේලි බලාගෙන හිටිය මට ඔන්න ඔහොමයි චූටියා කෑගැහුවෙ.
ආදරය සුන්දර වරදක් තමයි චූටියෝ...
ඒත් එහෙමයි කියලා ඔහොම හැමවෙලේම මට කෑගහන්න එපා ඉතින්!

ඒ වුනාට දැන් ගෙදර යන්නනෙ ආවෙ මං. ඉතින් ආයෙම මොකටද කාරෙකට නගින්නෙ? ත්‍රීවීල් ලව් එක නැගලා ගිහින් මාව කුණු ලොරියට දක්කන්න යනවද දන්නෙත් නෑ හැබැයි.
කමක් නෑ ඉතින් කොහේ වුනත් මගේ චූටියානෙ එක්කගෙන යන්නෙ. එතකොට කුණු ගොඩක් වුනත් මට දිව්‍ය ලෝකයක් තමයි.

මානස (Completed)On viuen les histories. Descobreix ara