14 වන දිගහැරුම

99 19 10
                                    

"ඇත්තටම එදා උනේ වෙනම දෙයක් අහිංසා... ඇත්තටම මට ඔයාවයි මගේ පුංචි පැටියවයි දාලා යන්න උනේ මට හැදුන ජරා ලෙඩක් හින්දා කියලා මන් දන්නවා... හැබැයි ඒක නිකන්ම හැදුන දෙයක් නෙවෙයි අහිංසා...."

අකේශී කිව්වේ අහිංසාගේ දෑත උඩින් ඇගේ අත තබමිනි..

"අනේ මට කියන්න අකේශී මොකද උනේ කියලා..."

දෑසෙහී කදුලු පුරවගනිමින් අහිංසා ඇසුවාය..

"ඇත්තටම මේකයි උනේ... හේශාන්ට අපි එහෙ ගිය මුල්ම කාලේ ගෑනු ළමයෙක් එක්ක සම්බන්දයක් තිබුනා.. ඇත්තටම අපි හැමෝම හිතුවේ ඒ දෙන්නා යාලුවෝ කියලා... ඒත් මන් දවසක් දැක්කා ඒ දෙන්නා කිස් කරනවා... ඇත්තටම එතකොට මන් පරක්කු වැඩියි.. මොකද එතකොට මට කියාරා හම්බෙන්න හිටියේ... මං ඒක කිසිම කෙනෙක්ට කියන්නේ නැතුව හංගගෙන හිතේ හිර කරගෙන හිටියා අහිංසා.. මොකද මට ඕනි උනේ නෑ මගේ ළමයට එයාගේ තාත්තව නැතිකරන්න... ඒත් ඇත්තටම මට විතරයි එහෙම දෙයක් ඕනි වෙලා තිබ්බේ.. ඒ දෙන්නා දිගටම ඒ සම්බන්දේ තියාගෙන හිටියා.. මන් කොච්චර කිව්වත් හේශාන් ඒ සම්බන්දේ නතර කලේ නෑ... ඊට අවුරුදු තුනකට තුනකට පස්සේ තමයි මට කැන්සර් එකක් තියෙනවා කියලා එයාලා මාව ගෙදරින් එලෙව්වේ... ඒ වෙලාවේ හොස්පිට්ල් එකෙන් ඩොක්ටර් මට බොන්න කියලා දුන්න බෙහෙත් මං ඇත්තටම දිගටම බිව්වා..  ඊට අවුරුද්දකට කලින් මට කලන්තයක් හැදුන වෙලාවේ මාව එක්කන් ගියෙත් ඒ ඩොක්ටර් ගාවටමයි.. ඉතින් මන් එදා දුන්න බෙහෙතුත් දිගටම ගත්තා අහිංසා...."

ජෙනිෆර් සම්පූර්ණ විස්තරයම කියන්න පටන් ගත්තා....

"ඉතින් ඊට පස්සෙ මොකද උනේ අකේශී... ඔයාගේ බෙහෙත් අතරයි කැන්සර් එක අතරයි තියෙන සම්බන්දේ මොකද්ද..."

අහිංසා ඇහුවේ නලල රැලි කරමිනි..

"ඇත්තටම අහිංසා ඒ බෙහෙත් මොනවද කියලා මන් හරියටම දැන ගත්තේ ලංකාවෙදී මන් බෙහෙත් ගන්න ගියපු ඩොක්ටර්ගෙන්.. එයා ඇහුවා ඇයි මන් ඒ බෙහෙත් බොන්නේ කියලා... ඇත්තටම ඒ බෙහෙත් මානසික ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත්ලු.. ඒවා වැඩිපුර ගත්තහම මට උනා වගේ සයිඩ් ඉෆෙක්ට්ස් වෙන්න් පුලුවන් කිව්වා... ඉතින් මන් ඒක හරියටම දැනගන්න ඕනී හින්දා මට ඇමරිකාවෙදී බෙහෙත් දුන්න ඩොක්ටර්ට කතාකලා.. එයා කරපු වංචාව ගැන පොලිස් කම්ප්ලේන් එකක් දාලා එයාගේ වෛද්‍ය හැදුනුම්පත අවලංගු කරන තැනට වැඩ කරනවා කියලා මන් එයාට තර්ජනය කලා.. ඊට පස්සේ තමයි එයා කිව්වේ ඒ බෙහෙත් දෙන්න කියලා එයාට කිව්වේ හේශානුයි අනීශයි කියලා.. ඇත්තටම අහිංසා පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනුනා.. මොකද මන් කවමදාවත් හේශාන්ට වචනෙකින්වත් වැරැද්දක් කරලා නෑ.. ඒත් එයා මට එහෙම කලේ කොහොමද කියලා ඇත්තටම මට හිතාගන්න බැරි උනා අහිංසා...."

Love Blossom 2 නුබේ නමින්Where stories live. Discover now