10 වන දිගහැරුම

77 16 6
                                    

"ගුඩ් මෝනින් ආලියා මිස්.."

"ගුඩ් මෝනින් ජෙනිෆර්.. මොකෝ මේ අද උදෙන්ම.. වෙනදට කියලවත් මේ වෙලාවට ගෙන්න ගන්න බෑනේ..."

ආලියා කිව්වේ දාගෙන හිටපු කණ්නාඩි දෙකත් ගලවන ගමන්..

"ආ අද මට කරන්න චූටි වැඩක් තියෙනවා මිස් ඒකයි.."

ජෙනිෆර් කිව්වේ මුහුණේ ඇදගත් මදසිනහවත් සමගිනි...

"එහෙමද හරි හරි එහෙනම්..ඒ වැඩේ කර ගන්නකෝ... අද හැබැයි ඔයාගේ ඇදුම නම් ලස්සනයි ආ.. මට ඒ වගේ ඇදුමක් කොහේහරි දැකලා පුරුදුයි වගේ ම්ම්ම්ම්ම්ම්........ හැමෝටම එක වගේ ඇදුම් තියෙනවනේ නේද.. පාරෙදී දැකපු එකක් වෙන්නැති..."

නිකට අත තියාගන්න ගමන් ආලියා කීවාය..

"හී එහෙම වෙන්නැති එහෙනම්.. ආ මිස් මේ කියාරා මැඩම් ආවේ නැද්ද තාම.."

"ආ කියාරා මැඩම් ආවා ජෙනිෆර්... මන් හිතන්නේ එයා ඉන්නේ ඩ්‍රෙසින් රූම් එකේ.. අලුතින් මන් ඩිසයින් කරපු කොස්ටියුම් එක ට්‍රයි කරනවා ඇති.."

"ආ හරි මිස් ආලියා.. එහෙනම් මන් ගිහින් බලන්නම්කෝ.."

ජෙනිෆර් ඒ වචන ටික ඉවර කරේ දොර ලගට දුවන ගමන්‍...

පුලුවන් තරම් ඉක්මනට ජෙනිෆර් ඩ්‍රෙසින් රූම් එකට ගියා.. එතකොට ආලියා අලුතින් හදපු ඩ්‍රෙස් එක ට්‍රයි කර කර හිටිය කියාරා ගැස්සිලා ගියේ ජෙනිෆර්ගේ හති ඇරිල්ල ඇහිලයි..

"මොකෝ ජෙනී මේ... මොකද උනේ.. උදේ පාන්දරම රේස් එකක්වත් දිව්වද..."

මද සිනහවක් පාමින් ජෙනිෆර් ලගට ඇවිදගෙන ආ කියාරා කීවාය..

"හහ්.. හහ්..හ්ම්ම්ම්.. කියාරා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.. චුට්ටක් මෙතනින් වාඩි වෙන්නකෝ..."

හති හලන ගමන් ලග තිබූ සෝෆාවේ වාඩි වූ ජෙනිෆර් කියාරට කිව්වේ අතින් එන්නට යැයි සංඥා කරමිනි..

"ම්ම්ම්ම්.. කියන්නකෝ බලන්න් දැන්.. මොකද්ද ඔයාට මට කියන්න තියෙන්නේ..."

ජෙනිෆර්ට වතුර බෝතලය දිගු කරමින් ඈ ලග හිදගත් කියාරා කීවාය..

"ඔයා මාව විශ්වාස කරයිද නැද්ද කියලා මන් දන්නේ නෑ කියාරා.. ඒත් මට තවත් මේ දේවල් හිතේ තියාගෙන ඉන්න බෑ.. හැබැයි ඔයා තමයි ආපහු මට මගේ ආදරේ ලගට යන්න උදව් කරන්න ඕනී.."

Love Blossom 2 නුබේ නමින්Where stories live. Discover now