"ජෙනී.. අනේ ජෙනී නැගිටින්නකෝ"
ජෙනීට ඇහුණේ කියාරගේ කටහඩ විතරයි.. හැමදේම බොදවෙලා ගියා.. ජෙනීට හිතුනෙම මේ එයාගේ අන්තිම මොහොත කියලා.. එයාගේ සිහියට ආවේ අර අහිංසක අම්මයි තාත්තයි.. එයාට මොනවා හරි උනොත් ඒ දෙන්නට මොනවා වෙයිද කියලා..
*****************************************************************
(පැය කීපයකට පෙර)
කියාරා: එහෙනම් අපි යනවා ජෙනී.. පරිස්සමින් යන්න..
ජෙනී: හරී කියාරා.. ඔයාලත් පරිස්සමින් යන්න..
කියාරයි අහිංසයි පිටත් උනාට පස්සේ ජෙනීයි ආලියයි ගෙදර යන්න පිටත් උනා..
ආලියාව බස් එකට දැම්ම ජෙනී ලග තිබ්බ කැෆේ එකට ගියා..
ජෙනී: හායි..
Cashier: හායි මිස්.. මොනවද මිස් බැලුවේ?..
ජෙනී: ම්ම්ම්.. මට ස්ට්‍රෝබෙරි කේක් එකක් දෙන්න.. ම්ම් ටිකක් ස්ට්‍රෝබෙරි වැඩිපුර තියෙන එකක්..
Cashier: බෝයිෆ්‍රෙන්ඩ්ටද මිස්?..
ජෙනී: නෑ මගේ අම්මට.. හෙට එයාගේ බර්ත්ඩේ එක..
Cashier:ඔහ්.. එහෙමද.. හරි මිස්.. එහෙනම් මන් ඒකේ නමත් ලියලා දෙන්නද.. අපි අවශ්‍ය නම් නමත් ලියලා දෙනවා මිස්..
ජෙනී: ඔහ් හරි එහෙනම්.. හැපි බර්ත්ඩේ ඇන්ඩ්‍රි කියලා ලියලා දෙන්න.. එහෙම තමයි අපේ තාත්තා අම්මට කතා කරන්නේ..
Cashier: හරි මිස්..
හරී සතුටින් කේක් එකත් අරන් ජෙනී පාර දිගේ ඇවිදගෙන ගියා.. පාර අයිනට වෙලා හිටගෙන හිටිය ජෙනී කේක් එක දිහා බලාගෙන හිනාවෙවී හිටියා..
[අද 12ට අම්මව සප්‍රයිස් කරන්න ඕනී.. අනේ පව්.. එයා ගොඩක් සතුටු වෙයි මේක දැකලා..] ජෙනී එයාටම කියාගත්තා.. ජෙනී හරි සතුටින් හිටියේ..
පාරේ ගියපු කාර් එකක් කන්ට්‍ර්‍රොල් නැතුව ජෙනීගේ දිහාවට ආවා.. ඒ කාර් එකේ හැප්පුණ ජෙනී විසිවෙලා ගිහින් පාරේ අයිනේ තිබුන ගහක වැදුනා.. කේක් එක එහෙමම කාර් එකට පොඩි වෙලා ගියා..
*****************************************************************
"ආ මට අමතක උනානේ පුතේ අර ෆයිල්ස් ටික අරන් එන්න.."