1 වන දිගහැරුම

215 22 10
                                    

"මටත් ඕනී ඔයාලාට කවදාවත් අමතක නොවෙන කෙනෙක් වෙන්න... හරියට ඒ මල වගේ.. ෆොගෙට් මී නොට්.. මා අමතක කරන්න එපා.. හරි ලස්සනයි ඒ මලට දීලා තියෙන නම.. ඒ වගේම ඔයයි දෝණියිත් කවදාවත්ම මාව අමතක කරන්න එපා හොදද.. මට ඕනී හැමදාම ඔයාලා එක්කම ඉන්න.. ඒ මල් පැලේ ලස්සන තැනක හිටවන්න... එතකොටමට පුලුවන් ලස්සන ෆොගෙට් මී නොට් මලක් වෙලා ඔයාලා ලගටම වෙලා ඉන්න.."

"අකේශී..................................................................................."

*********************************************

ජෙනිෆර්:    අහ්.. හහ්.. හහ්.. මොකද්ද දෙයියනේ හැමදාම මේ පේන හීනේ.. අකේශී? ඇයි මට මාව ඒ විදිහට පේන්නේ.. ආහ්.. මොන විකාර හීනයක්ද මන්දා හැමදාම.. 

එලාම් එකේ සද්දෙට ගැස්සිලා ඇහැරුන මම වෙනදා වගේම මන් දැක්ක හීනේට බැන බැන නැගිට්ටා.. ඒක දැන මට පුරුද්දට ගිහින්.. මගේ නම ජෙනිෆර් සෙනෙස්ටියර්.. මට වයස 19යි.. අවුරුදු ගානක් තිස්සේ ඉදලා මන් හැමදාම දකින හීනයක් මේක.. වෙලාවකට මන් ස්කෝලේ ඇදුමින් ඉන්නවා.. වෙලාවකට මගුල් ඇදුමින්.. අනික මට බබෙකුත් ඒ හීනේ.. මොන විහිලුවක්ද නේද.. මේ අවුරුදු 19 මට බබෙක් ඉන්නවා කියන එක.. මගේ අම්මා ඇන්ඩ්‍රියානා ගෝමස්.. තාත්තා ලූකස් සෙනෙස්ටියර්.. මන් ඉක්මනට දුවගෙන ගිහින් ලෑස්ති උනා තාත්තා එක්ක කඩේ වැඩට යන්න ඕනි හින්දා.. 

ජෙනිෆර් සෙනෙස්ටියර්

වයස 19

අපිට තියෙන්නේ මල් කඩයක්

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

අපිට තියෙන්නේ මල් කඩයක්.. හැමජාතියකම ලස්සන මල් පිරුණු කඩයක්..  මන් මගේ ජීවිතේ වැඩිපුරම ඉන්න කැමති තැන තමයි අපේ මල් කඩේ.. මගේ හිතට නිදහස ගෙනත් දෙන්න පුලුවන් මේ ලෝකේ මන් දන්න එකම තැන තමයි ඒ.. 

"ජෙනී.. ඉක්මනට එන්න ළමයෝ.. තාත්තට යන්නත් පරක්කු වෙනවනේ..."

"හරි අම්මා.. මේ එනවා.."

*******************************************

ජෙනිෆර්:   ආ තාත්තේ..

ලූකස්:   ම්ම්ම්..

ජෙනිෆර්:  දැන් අර බර්ත්ඩේ පාර්ටි එකට මල් ඉල්ලුවේ.. එහෙට මල් එවන්න කිව්වේ කවද්ද..

ලූකස්:   ඊළග සතියේ පුතේ.. 25නේ..   

ජෙනිෆර්:   ආ හරි හරි තාත්තේ

******************************************

ලූකස්:  දැන් පුතේ හැමදාම මෙහෙම කඩෙට වෙලා හිටියහම හරියනවද ආ.. මොකක් හරි ජොබ් එකක්වත් කරොත් හොද නැද්ද.. මයේ පුතා හොදට ඉගෙනගත්ත එකේ..

ජෙනිෆර්:  එහෙම ජොබ් හොයන්න බෑ තාත්තේ.. මට තාම හරියට කිසිම කොලිෆිකේශන් එකක් නෑනේ.. ඉතින් මුලින්ම මන් කොලිෆිකේශන්ස් හදාගෙන ඉන්න ඕනි..

ලූකස්:  දැන් මොනවද ඕනි කොලිෆිකේශන්ස්

ජෙනිෆර්:   ප්‍රොෆෙශනල් කොලිෆිකේශන්ස් තමයි.. මන් මුලින්ම මොකක් හරි ජොබ් එකකට යන්න ඕනි.. ඊට පස්සේ ඒකෙන් හොද පළපුරුද්දක් ගන්න ඕනි.. එතකොට මට පුලුවන් හොද ජොබ් එකකට යන්න..

ලූකස්:   දැන් එතකොට ඔය කියන පළපුරුද්ද හදාගන්නද මේ කඩේ අස්සට වෙලා රිංගගෙන ඉන්නේ..ම්ම්ම්

ජෙනිෆර්:  අනේ තාත්තේ.. ඔයා හරීම නරකයි අනේ.. මන් මේකට වෙලා ඉන්නේ ඔයාට උදව කරන්නනේ අනේ..

එහෙම කියපු ජෙනී දුවගෙන ගිහින් තාත්තගේ ඇගට පැනලා එයාව බදාගත්තා.. ලූකසුත් පුංචිකාලේ වගේ එයාව කරේ තියාගෙන කඩේ හැමතැනම එහෙ මෙහෙ දිව්වා.. 

***********************************************

කියාරා:  නිශූ අම්මා... නිශූ අම්මා...

අහිංසා:  ඕ.. මැණිකේ.. මන් මේ සාලේ ඉන්නේ

කියාරා:  නිශූ අම්මා.. අද අපේ නිව් ප්‍රඩක්ට් එක ලොන්ජ් කරනවා නේද.. ඔයා තාම රෙඩි උනේ නැද්ද අනේ..

අහිංසා:  මන් මේ ඔයාගේ අම්මාත් එක්ක කතා කර කර හිටියේ මැණිකේ.. බලන්නකෝ අද එයා වෙනදටත් වඩා ලස්සනට පිපිලා..

කියාරා:  ම්ම්ම් ඒක නම් ඇත්ත.. අද නම් මේ මල් වෙනදටත් වඩා ලස්සනයි තමයි.. නිශූ අම්මා.. ඔයා දන්නවද.. ඊයේ මන් ලස්සන හීනයක් දැක්කා..

අහිංසා:  ඒ මොකද්ද ඒ ලස්සන හීනේ..

කියාරා:  ඔයයි අම්මයි දෙන්නා හිනාවෙවී ලස්සන මල් වත්තක් මැද හිටගෙන හිටියා දැක්කා..

ඒ වචන ටික ඇහෙනකොටම අහිංසාගෙන් ඇස් දෙකේ කදුලු පිරුනා.. ඒ කදුලු පිරුනු ඇස් දෙකෙන් කියාර දිහා බලලා හරීම අහිංසක විදිහට හිනා උනා..

අහිංසා:  ඇත්තටම එහෙම වෙනවා නම්.. ඒ මන් මගේ ජීවිතේ වැඩිපුරම සතුටුවෙන දවස මගේ මැණිකේ...



කතාව කියවන ඔයාලා හැමෝටම ස්තූතියි.. 😌💜


මම, Jeon Heizy 



Love Blossom 2 නුබේ නමින්Waar verhalen tot leven komen. Ontdek het nu