දෙවන ස්වරය ♥

Start from the beginning
                                    

Mayura restaurant

මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්තානයෙන් එලියට ආව අපි දැන් ඉන්නෙ බීච් රෝඩ් එකේ මයුර රෙස්ටූරන්ට් එක ගාව..🍽 .මම ඒතරම් ආසනම් නෑ...ඒත් කන්න වෙන තැනකුත් නෑනෙ....බ්‍රීස් එකෙන් කන්න ඇටේ උකස් කරන්න වෙනවා ... එහෙම හරි කැව කියමුකො...ඒත් ගානට සාදාරන රසයක් නෑ.

එහෙම නැතුනම් අපි මාතර ටවුන් එකට යන්න ඕනි...බෝධිය පැත්තට...ඒත් එච්චර වෙලා ඉන්න අමාරුයි...බඩ පනුවෝ බොක්සින් ගහනවා.

-මොනාද ශෙරෝන් කන්නෙ..නෙතූ මොනාද ?-

"ඕනි එකක් අයියා.මටනම් අව්ලක් නෑ."

මටත් .

-හරි එහෙනම් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි මොනාහරි කරි එකකුයි ගමු.-

ඕකේ.

ඕකෙ.ඩන්

ඉතින් අපි කෑවා.අවන්කෙන්ම මෙලෝ රහක් නෑ... ඒත් ඉතින් කෑවා කිඹුලා කිරි මැටි ගිලින්න වගේ.

අත හෝදන්නත් එපැයි දැන්....මම ඉතින් නැගිට්ටා සින්ක් එකට යන්න...ඒත් එක්කම මගෙ කක්කි බෝලෙත් නැගිට්ටා.

අනේ...ඔයාලට ඊයා හිතේවිද දන්නෙ නෑ කක්කි බෝලේ කිව්වම...ඒත් මට හෙන හුරුබිහුටියි වගේ අප්පා...මම ගිය ආත්මෙ ගොම කුරුමිනියෙක්ද මන්දා...කක්කි බෝලෙකට ලව් කරන්නෙ.

ම්ම්ම්....ශෙරෝන්.

"ඕඕ"

මම එදා අහපු දේ ගැන ඔයාඇත්තටම මොනාද හිතන්නෙ.

ඕහ්...නෝ....වට්...මෙයා මේ මොකක්ද අහන්නෙ...බැරිවෙලාවත් අරක ගැනද...දෙවියනේ මම එයාගෙන් මෙහෙම දෙයක් කීයටවත් බලාපොරොට්‍ය්තු වුනේ න්ඈනෙ....මේක පිටපතෙන් පිටනෙ...මම හිතුවෙ මෙයාගෙ කැමැත්ත ගන්න මට හෙන කාලයක් කට්ට කන්න වේවි කියලා...ඒත් ඒම නෑ වගේ...අනේ මන් වගේ හැන්ඩියෙකුට ඉතින් මේ තරම් කැමතිවෙන එක අහන්නත් දෙයක්ද..
ඒත් පොඩ්ඩක් ගොන් පාට් එකේ ඉන්නෝනි.

"මොකක් ගැනද."

නෑ නෑ මොකුත් නෑ

අම්මෝහ්.. .ඒ හිනාව...මාස්ක් එක ගැලෙව්වමනම් හාවෙක් වගේ..හා දත් දෙකක් තියේ...පොල් ලෙලි ගහන්න පුලාන් තරමෙ.....ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්....පොල් ලෙලි...ම්ම්ම්...ඒක පස්සෙ කාලෙක බැරියෑ. 😋
සැජ්ජාවෙ බෑ අප්පා.

තත් 🔞Where stories live. Discover now