Encounter

43 0 0
                                    

"Girl with the pearl earing"

කවරය වසා දමමින් ,පොත කියවා අවසන් කිරීමට හැකි වීම නිසා දැණුනු සියුම් සතුට සමග මම ගතේ හිරි අරිමින් සුසුමක් පිට කලෙමි.
තුහින බැදී තිබුනු කවුලුවෙන් පිටත නිදල්ලෙ හිමපියලි වටෙන අයුරු සේම කඩිමුඩියේ පදිකවේදිකාවේ ගමන් කරන මිනිසුන්ද ,මෝටර් රථ මේ ගම්බද නගරයේ වීදි වල ගම්න් කරන අයුරුද, lilly of vally පොත්හලේ මා හිදගෙන සිටින පැරණි නමුත් සැපපහසු සෝෆා පුටුවේ සිට රිසිසේ නැරඹීමට හැකිය.

ඈත කොහෙද සිට මගේ දෑස් මානයට ආ කුඩා හිම පියල්ලක් සෙමෙන් දෙපසට පාවෙවී වීදුරු කවුලුවෙ වැදී ,කවුලු පඩියේ පතිත වී එමත රැදී තිබූ හිම තට්ටුව මත පතිත වනයුරු බලා සිටියෙමි.මා පමණක් නොව,මෙතෙක් වේලා කවුලුවෙන් ඇතුල් පස පඩිය උඩ උනුසුහුමට ගුලිවී නිදා සිටි තරුණ වියේ පසුවන අලු පැහති බළලා Luffy ද නින්දෙන් ඇහැරී තවමත් නිදිබර දෑසින් වීදුරුවෙන් පිටත හිම පියලි වැටෙන දෙස බලා සිටියේ ය.

උකුල මත නිදා සිටින බළල් පැටවා නොසෙල්වෙන සේ දිගෑදුනු මම Luffy ගෙ හිස සෙමෙන් පිරිමැද්දෙමි.

"Prrම්ය්‍ය්‍යෑක්"

පාද දිගහැර හිරි අරිමින්,හිස ඔසවා පුරු පුරු නගමින් ඌ පිලිතුරු දුන්නේ මා සිනහවට නගමිනි.වර්ගයෙන් American shorthair වූ Luffy පහසුවෙන් මිතුරු වන ආකරයේ බළලෙක් නොවුනු අතර තරමක් දුරට ඔහුගෙ විශ්වාසය ලබා ගැනීමට ,බොහොම ඉක්මනින් සතුන් හා මිතුරු වීමට හැකි මටද දින 2ක් යනතුරු හැකිවූයෙ නැත.ඔහුව හදාගැනීමට ගත් Lilly of Vally හි හිමිකාරිනියටද තාම හැකිවී නැත.

එතරම් කලබලකාරී නොමැති වුවත් නාගරික පෙදෙසේ මා වඩාත් ප්‍රිය කල තැන් කිහිපයෙන් දෙවනුව මසිත ලැගුම් ගැනීමට උත්සුක වූයේ මෙම Lily of Vally Cafe වීමට හේතු කීපයක් ම තිබේ.

ඉන් පළමු වැන්න වූයේ පොත් සහ මෙහි තම ජීවිකාව ගෙනයන දුසිමකට වඩා වූ විවිධ ආකාරයේ බළලුන් ය.දෙවැන්න වූයේ මෙහි හිමිකාරිනිය මගේ ළබැඳි මිතුරියක් වීමත් ඈ විසින් සාදනු ලබන ප්‍රනීත ආහාර පානයනුත් ය.

Chopin ගේ nocture op.9 No.2 piano හඩ වාතයට මුසු වෙද්දී, කෝපී සහ උදුනේ මෆින් බේක් වෙන සුවද පැතිරුනු මොහොතක ,සැපපහසු මුල්ලකට වී ,පුලුන් බෝල වන් බළල් පැටවුන් වටේට දුව පැන සෙල්ලම කරන විට වයසින් තරමක් වැඩිමහලු ,පමණට වඩා ආහාර ගෙන තරවී සෝමාරිකමින් කල් ගෙවන බළලෙක් උකුල මත පුරු පුරු නගමින් නිදද්දී පොතක පිටු අතර අතරමන් වීම තරම් මා මන්මත් කිරීමට සමත් කිසිවක් මෙලොව නැත.

'Liarrr'

හිසතුල වූ කටහඬක් කෑගෑවේය.

'Yep.මගෙ Deep Secret එක ඇරුනම'

කොහෙද සැගවී තිබූ සියුම් tingling සoවේදනයක් හදවත සිසාරා පැතිර මුලු ගතම උනුසුම් හැගීමකින් පුරවාලූයේ නිරායාසයෙන් මගේ මුවගට මද සිනහවක් එක් කරමිනි .

Luffyගේ හිස මත නතර වී තිබූ දෑස නැවතත් වීදුරුවෙන් එපිට හිමෙන් වැසී ගත් දුර ඈත කදු පoතියක් වෙත යොමු කල මා ගැඹුරු සුසුමක් පිට කලෙමි.

"මෙන්න වැඩක්."

මා හිස ඔසවා බැලීමි.

Eve, Luffy සහ මා දෙස නෙත් අයාගෙන, හැද සිටි 'L_O_V ' ලෙස අකුරු එම්බ්‍රොයිඩර් කර තිබූ Apronය හිසට උඩින් ගලවා දමා මේසය මත වූ තද නිල් පැහති රෙදි කඩකින් අත් පිසිමින් මදෙසට සේන්දු වී රෙදි කඩ පසෙකලා සිරුර, 'පොෆ්' හඩක් නැගෙන සේ පුටු සෙටිය මත පතිත කරවූවාය.

"මේ පූස් තඩියා.මම එයාව බලාගන්නෙ.ඒත් තාම මට අල්ලන්න දෙන්නෙ නෑ"

දෑත් දෙපසට විසිකරමින් ඈ මැසිවිලි නැගීය .

"එයාට තව කල් ඕන ඇති අලුත් දේවල් වලට හුරු වෙන්න." Eve ගේ හඬ්න් මදක් තිගැස්සුණු Luffy ගේ සවන් සුමුදු ලෙස පිරිමදිමින් මම පිලිවදන් දුනිමි.

"ඔයාට විතරක් හුරතල් කරන්න හොඳයි.woaahhhgghhh මට තාම මතක් වෙද්දි ඔලුව විකාර වෙන්න එනව මේ සතාව බේරන්න ගිහින් කරපු දේවල් ... හ්ග්....හහා හහ් හ්හ්හාආ ...."

නෝක්කාඩුවකින් ඇර‍ඹි ඇගේ තතු දැක්වීම කෙළවර වූයේ  මතකයන් අවුස්සා, අප දෙදනාගෙම සිනහව මහ හඬින් පුපුරා හරිමිනි.
එහඬින් කැළඹුනු මෙතුවක් වේලා මගේ උකුලෙහි සැපට නිදා සිටි තැබිලි හා සුදු පැහැ වයිරන් වැටුනු වල්ගයක් සහිත බළල් පැටවාත් ,තම සාමකාමී මොහොතට බාධා වූ හේතුවෙන් උදහස් වූ Luffy ත් ,හිස් ඔසවා බලා වෙනත් තැනක් සොයාගන්නා නියාවෙන් හිඳි තැන් වලින් නැගිට පලා යන්නට තැත් කරද්දී උනුන්ගේ හැපී ,බිම පාපිස්සක් සමග පොර බදිමින් සිටි තවත් බළලුන් කිහිපයක් ද, counter ය ඉදිරියේ ලී බිම මත වැතිර සිටි මහලු golden retriever බල්ලාවද කුතුහලයට නංවා, අනෙකුත් බළලු ද සමග කාමරය පුරා විවිධ අත විසිර ගියහ.මෙවැනි කලබලකාරි ඩ්‍රැමටික් අවස්තා අපට නිතර සුලබ වුවත් මෙ මොහොත අපව හිස්ටරිකල් ප්‍රහසනයක් තරම් දුරට එලවූයේ ය. කම්මුල් දිගේ වැගිරුනු කඳුලු පිසිමින්  මම අපහසුවෙන් හුස්ම ගැනීමට තැත් කරන Eva දෙස බලා සිටියෙමි.
එදා ද අප සිනහ වූයේ මෙලෙසමය.නමුදු අදට වඩා මා එදින සිටියෙ සැහැල්ලුවෙනි.Luffy ව සත්ව රෝහලෙන් නැවත රැගෙන් එන්නට ගිය ගමන සමහරවිට මට නොයා යුතුව තිබිණි .
මගේ මතකය මීට සතියකට පෙර ළා නිල් පැහැ අහසක් තිබූ දිනය වෙත ඇදී ගියේ නිරායාසයෙනි.
                                 ***

You've reached the end of published parts.

⏰ Last updated: May 24 ⏰

Add this story to your Library to get notified about new parts!

Snowdrop Where stories live. Discover now