1.රෝස අහස් වලාකුළු

123 16 32
                                    

නිවෙන්න නම් තනිවෙන්න කියලා කියනවනේ!! ඉතින් තනිවෙන්න හොදම වෙලාව හරියටම දැබ් කියන්නා වගේ හවස හයේ කනිසම වැදිලත් මම තාමත් ලෙක්ච හෝල් එකේ සුදු තීන්ත වලින් හැඩ උන බිත්ති දිහා බලන් සමගාමී සමීකරණ වි‍සඳනවා.

අහසේ පාට කියාගන්න බැරි තරන් රෝසපාට වෙනකොට පපුවේ කොනක් රිදීගෙන එන්නේ රිදීපාට හදත් කලින්ම එබිලා මට ඔච්චම් කරන ඔන්න ඔය වෙලාවට තමයි!!අහස;

නිරුත්තර දෑස් තිබ්බ මට;
තීක්ෂණ බැල්ම වැටිලා අන්ද වෙලා ගිහින්!!

චේතනාව කර්මයට පිටුපාලා;
ළය මැද කුහර ගලනා ලේ උබේ නමින්!!

වරදක් උනා ඇත්තක් මම ගෙන් උබට;
කැවිලද දෙයියනේ අමු මට තව මැවෙන් රුවන්!!

නිවන් තීක්ෂණ කොහේ ඉන්නවද;
එයාගේ පණ පවුරු නිරුත්තර සදහටම නිරුත්තරෙන්!!

කියන්නේ උබ ඒකද බන් මට;ඔච්චමට හිනාවෙන්නේ රෝමාන්තිකයෙක්ට නෙවෙයිද් උබ?? වියරුද මම?? ඒත් දන්න එයාව නොදන්න ගානට ඉන්න මම කවුද අහස; රෝසපාට උනේ උබ රිදීහදේ ඔච්චම් හින්දද බන්??

ඉස්සර ඒ පපුව අස්සේ ගැහෙන ස්පන්දන අහන මගේ කම්මුල් හරියට දැන් උබ වගේ අහස; කවදා එයිද ඒ නුපුරුදු පාට ආයෙත් මගේ කම්මුල් දෙකට අහස??

"අන්න හඳ පායලා නිවන්...බලාගෙනද ඉන්නේ ඔයා...හ්ම්ම්...හඳත් තියෙනවා,තරුත් තියෙනවා,ඔයාත් ඇති,මාත් ඉන්නවා,ඒත් කෝ අර අපි??"

ඇත්තටම කෝ අපි නිවන්?? උබේ නපුරු හිතට නිවෙන්න උගන්නලා මහා ගොඩක් ඒ හිත අවුලපු මම එහෙම අහනකොට මොකක්ද නිවන් අයිතිය,අපි නාදුනන ආගන්තුකයින් විතරයි නිවන්!! සදහටම!!

ඩෙස් එක උඩ ඔලුව තියාගෙන ඉන්න මගේ ඔලුවට හීනි ඇගිලි වල පහසක් දැනෙනකොට බරින් වැඩි උණුසුම් කඳුලක් ඇහෙන් බිමට වැටිලා ගියාම ඒ ඇගිලි මගේ කම්මුල් වලින් උස්සලා තෙත බරිත රිදීපාට දියර පිහලා දාලා හිනා උනාම මමත් ලාවට හිනා උනා.

"රිහාන් අයියේ!! ඔයා??"

"ශ්ශ්...අදවත් පවුරු උබ කියන්නම ඕනේ තාම සින්ග්නල් කලින් කපල් උබේ ඔය පලහිලව්ව!!"

රෙහාන් අයිය කියන්නේ අපේ සින්නෙක් උනත් මොකක්ද මගුලකට මේ මනුස්සයා මම ගැන හොයලා බලනවා,එක අතකින් ඌ හෙන හයියක් මට,ඒත් මම දන්න තරමින් පවුරුගේ පවුරේ හයිය මොහොතකට හරි මොලොක් උනේ නිවන් ළග විතරක් වෙනකොට පවුරු කියන්නේ මගේ ආත්මේ කියන හැටියට හයිය කොල්ලෙක්!!

රිදීරෝස | slow update | TKWhere stories live. Discover now