"අනේ අම්මා මෙහෙද අපි ඉන්නෙ. හරවගෙන යමුකො මට බෑ මේ කැලේ ඉන්න"

"අයියෝ බබා නින්දෙන් නැගිටලා හීනෙන්ද කියවන්නෙ තව පැයක් විතර යන්න තියෙනවා"

"ආ ඒනම් කමක් නෑ ටිකක් ඉක්මනට යමුකො අප්පා සිග්නල් නෑ මේ එකම සිංදුව දැන් හැටපස් පාරක් විතර ප්ලේ උනා"

කොච්චර ආස උනත් එකම සිංදුව අහන එකේ සීමාවකුත් තියෙන්න එපැයි ඒ නිසා මං ෆෝන් එක පැත්තකට දාලා දිවත් එලියෙ දාන් පාරෙ සිරි නරඹ නරඹ චිල් එකේ එහෙ මෙහෙ යන golden retriever කුක්කෙක් වගේ පාරෙ තියෙන ගස් ගල් දිහා බල බල ආවා. එතකොට මගෙ සූක්සම දෘශ්ටියට අහු උනා ඉස්සරහා ඇන්ටි කෙනෙක් බඩ ඉඟුරු විකුණනවා අනේ මටත් ඕනෙ එකක්

"තාත්තෙ ඉස්සරහින් නවත්තන්නකො"

"ඇයි බබා චු දාන්න ඕනෙද.?"

"අයියෝ නෑ නෑ අනේ මට චූ බර නෑ මට බඩ ඉඟුරුවක් කන්න ඕනෙ"

"ඈහ් බඩ මොකක්"

"බඩ ඉඟුරු අනේ පොප් කෝන් හදන ඇට තියෙන දිග එක නවත්තන්නකො අප්පා ප්‍රශ්න අහන්නැතුව"

"අහ් ඒවටද බඩ ඉඟුරු කියන්නෙ.?"

"ඔව් ඔව් හිනා වෙන්නෙ නැතුව නවත්තන්නකො"

"අහ් හරි හරි මං අරන් එන්නම් බබා දැන් බඩ ඉඟුරු කීයක් කනවද.?"

"දෙකක්"

තාත්තා බැහැලා ගිහින් බඩ ඉඟුරුවකුත් අරගෙන ආයි ආවා අම්මා තාම හිනා වෙනවා අපි එද්දි තණමල්විල පැත්තෙන් ආවද දන්නෑ මං හිටියෙ නිදාගෙනනෙ කොහෙ හරි මල් වත්තක් ගිනි තියලා ඒකෙ දුම වැදිලා මෙයාලටත් ඒකෙන් මොනාහරි වෙලා වගේ ආ ඒත් නෑනෙ කාර් එකේ ශටර්ස් වහලනෙ ඉන්නෙ ඒනම් මෙයලා සල්ලි දීලා අරන් මටත් හොරෙන් ගුවන්ගත වෙලා. ම්ම්ම් හරි ශෝක් ඕඅයි සී ගෙයි නර්ස් නෝනගෙයි වැඩ

"මේ"

"කියන්න බබා"

"ඇයි ඔයාලා දෙන්නා හිනාවෙන්නෙ"

"අහ් නෑ අපි හොදටම අඳුරන අවුරුදු 16 ක කොල්ලෙක් ඉන්නවා තාමත් කතා කරද්දි වචන පැටලෙනවා. අපිට මේ එයාව මතක් උනා"

Apratyāśit PremDonde viven las historias. Descúbrelo ahora