Part 01

329 24 14
                                    

"හෝව් හෝව්ව්ව්ව් ඒ කිව්ව එක ආයිත් කියපන් බලන්න"

"ඇයි උබේ කන් ඇහෙන්නෙ නැද්ද.? අහ් කමක් නෑ එනම් ආයිත් අහ ගනින්කො. උබ හිතන්න එපා උබ මේකෙ හෙඩා නිසා මේකෙ ඉන්න හැම එකාම උබට ඕනෙ ඕනෙ විදිහට නටන්න බලන් ඉන්නවා කියලා. හො‍ඳින් කතා කරාම කරේ නගින්න එන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කර ගනින් මිනිහො"

"මේ පොඩි එකා උබ මුලින් කතා කරන්න ඉගෙන ගනින් හරිද උබ දන්නවද උබ මේ සද්දෙ දාන්නෙ කාටද කියලා"

"ඔව් යකෝ ඔව්.... මං දන්නවා, තාත්තා principal කෙනෙක් නිසා පිනට ඉස්කෝලෙ head prefect  කම හම්බෙච්ච, පොරක් කියලා හිතන් ඉන්න කොන්දක් කියලා නාමයක් නැති අශේන් ඉසිර ෆොන්සේකාට. Am I right.?"

"යුහා, යං මචං සීනියර්ස්ලා එක්ක වලි දාගන්න එපා"

"මමද මහියා පටන් ගත්තෙ, මූ නෙ මෙතන සද්දෙ දාන් ආවෙ"

"යුහ‍ංස උබට මං හොඳින් කියන්නෙ, ඊළඟට එන tournament එකේ play කරන්න රශිතව දාපන් උබ කැප්ටන් නෙහ් ටීම් එකේ.. Coach ඇරුනම උබටත් තෝරගන්න පුලුවන් නෙ කාවද play කරවන්න ඕනෙ කියලා"

" Decide කරන්න නම් පුළුවන් but මං දාන්නෙ නෑ. රශිතට අතට එක කැච් එකක්වත් ගන්න පුළුවන්ද ඕයි, ඌ අනික play කරන්න ගත්තෙ අලුතෙන්... හොඳට play කරන උන් ඉද්දි ඌව ටීම් එකට දාලා මේ මැච් එක කෙලව ගන්න මට බෑ"

Apratyāśit PremWhere stories live. Discover now