4 වෙනි කොටස ♡

206 34 74
                                    

පෙරහැර කියන්නේ අලිම නෙවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පෙරහැර කියන්නේ අලිම නෙවෙයි...නැට්ටුවොත් ඉන්නවා...අන්න ඒ වගේ නුවර කියන්නේ මාලිගාවම නෙවෙයි..ගොඩක් අයට මහනුවර කිව්ව ගමන් බලන්න මතක් වෙන්නේ දළදා මාලිගාවයි, පේරාදෙනිය මල් වත්තයි..ඒත් නුවර අහස යට බලන්න ලස්සන තැන් ගොඩක් තියනවා...

අයාන්ගේ බර බරේ එක්ක සාදිගේ කාමරේ හිටපු මං ගිහින් අපේ එවුන් එක්ක උදේ කෑම කෑවා..මොකද අපිට උදේම ගියොත් ගොඩක් තැන් අද බලන්න පුළුවන් වෙන නිසා..මුන් මෙහෙ campus ගියාට මොකද තවම මෙහේ හරියට ඇවිදලා තිබුණේ නෑ..උදේ කෑමට සාදිගේ අම්මා තෝසේ හදලා..අර අමු මිරිස් චට්නි එක එක්ක..Aunty ගෙ කෑම කොහොමත් රසයි..

අද රෑ තමා ඉතිං birthday party භීෂනේ...අපිට ඒකට ready වෙන්නත් තියනවා..මේ මෝඩ ගෑනිව surprise කරන්න එපැයි...

සැරින් සැරේ මගේ ඇස් වටේ යන එක නවත්තගන්න මං full try එකක් දුන්නා..මොකද තවමත් මං විතේන් දිහා කෙලින් බලලා නෑ...මාලිගාවේ යනවා කිව්ව නිසා ටානා නම් ටිකක් පිළිවෙල ඇදුමක් ආයේ ඇදගෙන..ඒත් සැරින් සැරේ ටානා දිහාට ගිහින් ඔරවන මගේ ඇස් නම් මට ලොවෙත් නතර කර ගන්න බැරි වුණා...

එතකොට එයා....මේ කෑම කන්න ආපු ටිකට මම එයාගෙ දිහා බැලුවේ එකම එක පාරයි...විශ්වාස කරන්න..තවත් බැලුවොත් මට මෙතන අනිමිස ලෝචන පුජා තියෙන්න වෙන්නේ...Wtf ඇයි එයා එච්චර accretive වෙන්නේ...

ශව් උඩ ඇදුම මාරු කරලා...සුදු පාට...එයාට සුදු පාට මාරම ලස්සනයි...ඒක charming design එකක් ලාවට ගියපු සුදු පාට Shirt එකක්..අත් දිග වැලිමිට ගාවට නවලා...උඩ බොත්තම් දෙකක් විතර ගලවලා  ..ඒ අතරින් එයාගෙ necklace එකක් ලාවට එලියට ඇවිත්...but තවමත් මං ඒක හරියට දැකලා නෑ...එයාගෙ sharp jawline එකයි ලාවට නහර පේන කෙට්ටු අත් වලටයි ඒ දිග ඇඟිලි වලටයි මට වෙනම කතාවක් ලියන්න පුළුවන්...

𝑼𝒏𝑳𝑶𝒄𝒌𝒆𝒅🌙Where stories live. Discover now