Chapter 13

985 150 8
                                    

මේසේ උඩ දවසේ කරන්න ගත්ත වැඩ ටික එක තැනක ගොඩගැහිලා... ඒත් මගේ හිත මගේ ගාව නෑ... කොච්චර ලොකු හුස්මක් අරගෙන මේ හිත සැහැල්ලු කරගන්න හැදුවත් ඒකෙන් උනේ හිතේ නොසංසුන් කම තවත් වැඩි වෙච්ච එක විතරයි...... ජීවිතේ කිසිම දෙයක් ලැබිලා නැතිව තියනකොට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන්..... මොකද උන් ගාව කිසිම දෙයක් තිබිලා නැති නිසා... උන්ට නැති වෙන්න දෙයක් නැති නිසා.... ඒත් දෙයක් තිබිලා නැති වෙනවා කියන්නේ ඒක දරගන්න බැරි දෙයක්.... මොකද මේ හිත කවදාවත් සුදානම් නෑ අර පෙර තිබුන ස්භාවයට එන්න.... මගේ හිතත් මේච්චර කාලයකට හිස්වෙලයි තිබුනේ..... දිමාන් අයියා මගේ හිතට ආවේ කොයි වෙලාවේ කෙහොමද කියලා දන්නේ නෑ... ඒත් එයා මගේ හිතේ පිරිලා හිටියා වගේ දැනුනා.... මෙච්චර කාලයකට අරමුණක් නැතිව හිටිය හිතට එයා නිසා අරමුණක් ලැබුනා... වද වෙන්න හොයලා බලල වෙහෙසෙන්න කරදර වෙන්න නැති හිතට ඒ හැමදේම නිකම්ම කරන්න සිද්ද වුනා.... මොකද මගේ හිතත් වෙන කෙනෙක් වෙනුවෙන් හුස්ම අරගෙන ගැහෙන්න පටන් අරන් තිබුනේ.... අනික දැන හෝ නොදැන දිමාන් අයියා පසුගිය කාලේ මගේ හිතට එකතු කරපු මතකයන් සුලුපටු නැහැ......

"මොකෝ බන් මේ...."

රිද්ම මගේ මග් එක පෙන්නනකොටයි දැක්කේ.... තේක එහෙම්ම මේසේ උඩ... දැන් දොලහටත් කිට්ටුයි...... ජීවිතේ පලවෙනි පාරට මගේ හදවත මට මෙතෙක් කල් දැනුනු අනෙක් කිසිම හැගිමක් නොදැනෙන තත්වයට ගෙනල්ලා.......

"අමතක උනා බන්...."

"උඹ ඔච්චරටම තේක බොන්න අමතක වෙන්න තරම් අද උබ වැඩක් කරලා නෑනේ බන්... මේ බලහන් මම පෙන්ඩින් තියන ෆයිල් තුනයි අද දුන්නේ.... උඹ එකත්වත් බලලත් නෑ.... සර් ඕකේ කරපුවට චෙක් ලියලත් නෑ... "

ඇත්තටම මට දෙන්න උත්තරයක් නෑ..... මම මොනා කියලා කියන්නද දෙයියනේ..... මගේ හිත අවුල් වෙලා... මට දුකයි.... දරාගන්න බැරි තරම් දුකයි....

"සොරි බන් ඊයේ රෑ හරියට නින්දක් නෑ......."

"හරි හරි මම නිකන් කිව්වේ..... ඒත් මේ පේමන්ට්ස් ටික අද හවස් වෙන කෙට කරන්න ඕනේ..... ඒ සප්ලයර් කෝල් කරලා මගේ ඔලුව කනවා චෙක් එක නැද්ද කියලා අහලා..... ඒක නිසා සර්ත් නැති එකේ ඔය ෆයිල් ටික බලලා චෙක් ටික ලියලා කාමරේට ගිහින් පොඩ්ඩක් ඇලවෙයන්.... මම මෙහේ වැඩ ටික බලාගන්නම්....."

අදූර් || YizhanHikayelerin yaşadığı yer. Şimdi keşfedin