Chapter 12

1K 166 19
                                    

කොහොම හරි අවසානේ අයියගේ හුස්ම ගන්න සද්දෙට අමතරව නින්දෙන් අතේ වේදනාවට කෙදිරි ගාන සද්දෙත් එක්ක දන්නෙම නැතිව මගේ ඇස් පිය වෙලා ගියා...... ඒත් මට ආපහු ඇහැරෙනකොට මම හිටිය විදිහට උඩ ගියා......

"ආ... බය උනාද.... බය වෙන්න දෙයක් නෑ.... මම රේප් කරේ නෑ...... ඒක නිසා අර ඊයේ රෑ මට කිව්වා වගේ බඩ වෙන්නෙත් නෑ......."

"නෑ.....මේ.... මම....."

"ඔයා කොහොමද මෙහෙම හිටියේ කියලා මමවත් දන්නේ නෑ.... හැබයි මම ඇහැරෙනකොට මෙහෙම තමයි හිටියේ....."

අයියෝ සල්ලි..... මේක කෙහොමද උනේ.... අයියාව ලගට ගත්තේ ඒ මනුස්සයාට උණ හැදීගන එද්දී සීතලේ දගලපු නිසා... ඒත් මම කැරකිලා ගිහින් එයාගේ පපුවට තුරුල් වෙලා නිදාගත්තේ කොයි වෙලාවේද මන්දා..... මරුම වැඩේ තමයි අච්චර අසනීපෙන් හිටිය මිනිහව මැදි කරගෙන මායි පැටියයි දෙන්න දෙපැත්තෙන් අයියව බදාගන....

"අනේ ඇත්තට.... ලෙඩක් වුන වෙලාවට වත් මුන්ට මට වද දෙන්නේ නැතිව ඉන්නම බෑනේ...."

"හරි හරි හිතලා කරේ නෑනේ... දැන් ඔය කොහෙද යන්නේ...."

"යන්නෙද බාතෲම් එකට.... ඇයි උඹට හීනෙන් වගේ මතකද මට පැම්පස් ඇන්දුවා කියලා...... "

ඔවු ඉතින් අන්දන්න නම් තිබ්බා.... ඔය උල් කරගන් දගලන ඒව පැම්පස් එක හිල් කරගෙන මතු නොවෙන්න ලනුවකින් හරි බැදලා තිබුනනම්..... අනේ මන්දා මුගේ රන්කිරි කට ගෑවේ මෙන නැකතකින්ද කියල..... විරාන් හම්බුනාම අහන්න ඕනේ.....

"හරි ඉතින් ඕකට බෙරිහන් දෙන්න ඕනෙද අයියේ.... මේ පැටියත් ඇහැරෙනවා දැන්..... "

මම දරුවාව ලගට ගත්තා..... දැන් එලි වෙන්නත් කිට්ටුයි... ආයේමත් නින්ද යන එකක් නම් නැති වෙයි...... ඒක නිසා මම අයියට පැය අටකට සැරයක් දෙන්න තියන බේත දෙන්න වෙලාව හරි ද කියලා බැලුවා... වෙලාව නම් හරි......

"ඒ පාර ඔය බෙහෙත් ටික ඇදගෙන මොනාද කරන්නේ නිදාගන්නේ නැතිව....."

"මට ඉවසන්න බැරි කැක්කුමයි කැසිල්ලකුයි තියනවා නේ.... ඒකට බොන්න කියලා මේ බෙහෙත් ටික බැලුවේ..."

"ඒකට නම් ඔය බෙහෙත් හරියන්නේ නෑ...... අර මට ඊයේ රෑ අන්තිමේට දුනේනේ..... අන්න ඒ බෙහෙත තමයි හරියන්නේ..."

අදූර් || YizhanDonde viven las historias. Descúbrelo ahora