Chapter 6

1.4K 207 21
                                    

දිමාන් අයියගේ මේ හැසිරිම මටයි විරාන්ට හිතාගන්න බෑ... අපි දෙන්නම මූනෙන් මූන බලාගන මේ උනේ මොකද්ද කියලා හිතනවා...

"ලොකු අයියේ මොකද බන් ඔය කරන්නේ...... මේ දරුවා මට හුරු නෑ... බාප්පා උනයි කියලා ඔය අහිංසකට ඒක එක පාර දැනෙන්නෙ නෑනේ..... පිස්සු වැඩ කරන්න එපා....."

විරාන් කියපු දේ නිසා දිමාන් අයියා දරුවාත් වඩාගෙන යන්න ගියා... මට තේරෙන්නේ නෑ... ඇත්තටම මේකට නම් පිස්සුද කොහෙදෝ.... අපි දෙන්න එහෙම්මම ගිහින් එලියේ තියෙන බංකුවේ වාඩි උනා...

"මම නම් ජීවිතේට දැකලා නෑ උඹලගේ අයියා වගේ දුෂ්ඨයෙක් බන්..... බලහන්කො.... එක දවසක් දරුවා ඔෆිස් ගෙනාපු වොලාවේ මම පැටියව වඩාගත්තේ නෑ කියලා ඌ ඔය ඒකේ තරහ පිරිමහන්නේ...."

"අනේ මගේ ලොකු අයියට බයින්න එපා අදූර්.... ඒ අහිංකයා ජීවිතේ විදින්න ඕන හැම වේදනාවක්ම විදලයි ඔය ඉන්නේ.... "

"ඒ කිව්වේ....."

"එයාගේ තියන ලොකුම දුර්වලතාවය තමයි කාගෙවත් හිතක් රිද්දන බැරිකම.... අයියා මෝඩයෙක් වගේ එයාගේ හැගීම් මරාගන හැමෝම කියන දේවල් කරපු එකෙක්... ඒ තරමට කීකරුව ජිවත් වෙච්ච එකෙක් ලොකූ කියන්නේ...."

"උඹ බීලද බන් ඉන්නේ.... අර වසවර්තියා ගැනද වෙන කෙනෙක් ගැනද උඹ ඔය කියන්නේ...."

"මම හොද සිහියෙන් තමයි බන් ඉන්නේ....."

විරාන් ලොකු හුස්මක් පිට කරලා මගේ දිහා බැලුවා... ඒ ඇස් ඇතුලේ නලියන වේදනාව එක්ක මට ලොකු කුතුහලයක් ඇති වුනා මේ සැගවුනු කතාව දැනගන්න......

"ලොකු අයියා කාගේවත් හිතක් රිද්දපු කෙනෙක් නෙවෙයි බන්... කවුරු හරි මොනා හරි දෙයක් කිව්වොත් ඒ කෙනා ලොකුයිද පොඩියිද කියලා නෑ... ඒ මනුස්සයා කියන දේ පිලිගන්න තරම් නිහතමානියි... කිසිම කෙනෙකුගේ හිතක් රිද්දන්න කැමති නැති කෙනෙක්... එයාගේම හිත රිද්ද ගෙන එයාගේම හැගිම් මරලා දාලා අනිත් අයගේ සතුට වෙනුවෙන් ජිවත් වෙච්ච කෙනෙක් ලොකූ කියන්නේ... ඇත්තම කිව්වොත් උඹෙයි එයාගේයි හද ගැස්සම එකයි...."

"මොකක්... උඹට පිස්සු හැදිගෙන එනවද..... අර දුෂ්ඨයා අපේ ජාතියේ.... විකාරද උඹට....."

අදූර්Where stories live. Discover now