පලවෙනි සීනුවට පෙර !

2.9K 289 115
                                    


මේක කියන්නෙම ඔයාට ...
නමක් නොදන්න ඒත් ඔය මුලු ආත්මෙම දන්න ...
මගෙ නොවන මගෙම ඔයාට ... !!.

ගෙවිලා යන අඳුරු අප්‍රියජනක දවස් අතරට
අදත් වැටේවිද කියන්න මට බයයි...

ඊට කලින් කරුණාකරලා එන්න..
අඩුම තරමෙ ඔය ඇස් දිහා එකදිගට උනත් බලාගෙන මුනිවත රකින්න මට ඉඩ දෙන්න..

මරණයයි සීතලයි එකට එකතු උනාම හැදෙන හිස් අඳුරු පාරට ...
ආයෙම ඇබ්බැහි වෙන්න හිතෙන්න කලියෙන් තප්පරයක් ඇවිදින් ඇස් දෙකට සැනසීමක් දෙන්න...

මං බලන් ඉන්නවා නොකියා බලන් ඉන්නම්...

මේ පපුව බරවෙන හැඟීම !!
ඒක ඔයා වෙනුවෙන් විතරයි..

ආත්මෙම පිරිලා යන තරම් මම ඒ හැඟීමට කැමතියි ..

හදිසියේ නෑවිත් නිදහසේ එන්න...
මඟ බලන්න හේතුවක් දුන්නට ස්තූතියි...

-සීනු

_______________________________



සුදුමැලි කිරි පාට හම රුහිරු පැහැ ගන්නෙ ...
උවමනාවට වඩා තදේට ඇතිල්ලුනාම !

නියමල් හමගිහින් නිය අග ලේ බහින්නෙ ..
කලබල උන පපුව අස්සෙන් හිතන වේගෙ වැඩි උනහම !

අඬන්නවත් නොදන්න වේලිච්ච ඇස් දෙකක්..
එක පාර තෙත් වෙන්නෙ ..
බලාපොරොත්තු නොවුනු උණුහුමක රස්නෙ වැදුනහම !

කොයිතරම් හැඩට මැවිලා හිටියත් ,
සරාගි ඉන හැඩ ගහන්නෙම ..
රන් පාට සීනුවක් නාඹිය ළඟින් හැඬ උනාම !

ඉතින් නාදුනන, හඳුනන ප්‍රේමිය ,
ප්‍රේමයක් උනත් ආදරයෙන් වෙනස් වෙන්නෙ ,

අප්‍රියජනක අඳෝනාවකට
කාලකණ්ණි විදියට ඇබ්බැහි උනහම !!

  
     ~ අශ්වින් ඉසේක




____________________________________________




ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !!

සීනු

සීනු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


??

??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සීනුWhere stories live. Discover now