05 🔔

1K 187 169
                                    

ඉඳලා හිටලා හුස්ම හිරවෙන්න එන ඉකි රැල් , පපුවට බර වැඩි වෙනකොට ....
මටත් නොදැනිම ඔහේ හූල්ලන මං ඉමක් කොනක් නැති අනන්තයක් දිහා බලන් කල්පනා කරන මාතෘකාව මොකක්ද කියලා වත් මට හරිහැටි නිච්චියක් නැහැ.

ඒත් මං බලන් ඉන්නවා...ඔහේ බලන් ඉන්නවා...මාව දියවෙන්න තරම් දැනෙන ඒ උනුහුම අස්සට වෙලා බයගුලු කුරුල්ලෙක් ගානට මම ඔහේ කල්පනා කරනවා..ඇස්වලින් ඉවරයක් නැතුව කාලෙකට පස්සෙ ගලපු කදුලු වේලිලා එකට ගල් වෙලා තිබුනු මගෙම ඇස් පිහාටු මටම පේන දර්ශනයට මමම මහ විරූපී විදියට කැමති වෙන්න අරන් තියෙන්නෙ ඇයි කියන එක මට ප්‍රශ්නයක් ..

ඒත් සැරෙන් සැරේ සද්දෙන් හීල්ලෙන මගෙම හුස්ම රැල් වලට ආයෙම හරි සිහියට එන මට දැනෙනවා...එයා එක අතකින් මගෙ බෙල්ල හරියෙ කෙස් මුල් ලාවට පිරිමදිනවා...
මගෙ ඒ සද්දෙට ඇහෙන හුස්ම හීල්ලුමක් ගානෙම මාව තවත් එයාට තද කරගන්න ගානට ඒ සන්සුන් හුස්ම හඬ මට ටික ටික ඇහෙනවා..

දැනටමත් ගෙවිලා ගිය පැය එක හමාර ඇතුලත මම කලේ මගෙම ඇඳ උඩ ඒ පපුවට හේත්තු වෙලා හූල්ලපු එක..ඒ අතරෙ එයා කලේ කිසිම දෙයක් නොකර මාව තුරුල් කරගෙන මාව දරාගෙන හිටපු එක !!

මගෙ කෙස් අතරෙ දැවටෙන ඒ ඇඟිලි තුඩු වලින් පවා කියාගන්න බැරි මොකද්දෝ හැඟීම් ගොන්නක බරක් දැනෙද්දි මගෙ පපුව ඇයි මේ තරම් ඒකට අවනත වෙන්නෙ කියන එක මට ප්‍රශ්නයක් නොවුනත් ,
මේ වෙනකල් නමක් වත් නොදන්න මේ රත්තරන් පාට කෙස් අයිතිකාරයා ඇයි මේ තරමට මගෙන් ආදරේ බලාපොරොත්තු වෙන්නෙ කියන එක මට ප්‍රශ්නයක් !!

මං ආදරේ කරන්න දන්නෙ නැහැ !! ආදරයක් පපුවට දැනෙනකොට ලේ නහර වෙනස් වෙන විදිය කොහොමද කියන එක වත් මම දන්නෙ නැහැ !! මට ඒ ගැන කිසිම අත්දැකීමක් නැහැ..
ඒත්.... මේ පපුව අස්සෙන් එලිබහිනවා තියා ඒ උනුහුමෙන් තප්පරයක් ඈත් වෙන්න පවා මට දැන් හිතන්න බැහැ !

මම ඈත් වෙන්න ඕනිද ! බෑ !! ලෝබ හිතෙන තරමට ඒ හුනුහුමෙන් තප්පරේකට හරි ගැලවෙන්න මට බෑ....
මං අහන එකම දේ මේක !!
ඒ දැනෙන ලෝබ ගතියටද ආදරේ කියන්නෙ?
එයාගෙ තුරුලට වෙලා මෙහෙම හූල්ලන්න ආස හිතෙන එකටද ආදරේ කියන්නෙ?
කොටින්ම ...... මේ ගැඹුරු හුස්ම රටා අස්සෙ පාවෙන්න හිතෙන එකද ආදරේ කියන්නෙ ?
.
.
.
හ්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්...මම ආයෙම ලොකු හුස්මකින් මගෙ මුලු පපුවෙම හුස්ම ටික හූල්ලන ගමන් මට ආදරේ ගැන අදහසක් නෑ කියන එක ආයෙම තහවුරු කලා.

සීනුKde žijí příběhy. Začni objevovat