Chapter 01

181 22 46
                                    

" ඕම් භූර් භුවහ් ස්වහා
තත්‍ ස්විතූර් වරේන්‍යම්
භර්ගෝ දේවස්‍ය දීමහී
දීයෝ යෝනාහ් ප්‍රචෝදයත්

ඕම් භූර් භුවහ් ස්වහා
තත්‍ ස්විතූර් වරේන්‍යම්
භර්ගෝ දේවස්‍ය දීමහී
දීයෝ යෝනාහ් ප්‍රචෝදයත් "

එක්දාස් නමසිය ගනන් වල අද වගේ දවසක උපතලැබූ මේ පින්වත්කුමරිය අම්මගෙ කටේ බලේටම මහපාන්දර නැගිටන් නාලා සාරියත් පටලන් කෝවිලට ආවේ ඔය ඉන්නවා කියන තිස්කොන් කෝටියක් දෙවියන්ටම හිතෙන් මගේ ආදරේ වචන වලට පෙරලලා.  ඇයි කඩවලේ මොන දුකක්ද මේ එක දවසකට විතරක් මහ පාන්දර නැගිටන් නාගෙන මේ ජවුසම් නටන්නෙ. මගෙ වොකැබියුලරි එකෙ නැතිම වචනයක් තමා උදේට නානවා කියනවා එක.

" මේඝාහ්හ් "

" ඉප්පො යෙන්න මා "
( දැන් ඇයි අම්මා )

මන් ඇහුවේ කටත් ඇද කරගෙන. මොක්ද මන් හොදටම දන්නවා දැන් මේ කියන්නෙ පොකුනෙනුත් නාගන්න කියලා. මොකද ඒක අපේ චාරිත්‍රයක්. කෝවිලේ පොකුනෙන් නෑවම දෙවියන්ගේ ආශිර්වාදේ හම්බෙනවලු.

" ඉන්ද පොන්නෝඩ වායි පාර් කුමාර්. කඩවලේ යේ එන් මගලක්ක මූලෙයි කුඩත ඉල්ලෙයි "
( මේ කෙල්ලගේ කට බලන්න කුමාර්. දෙවියනෙ ඇයි මේ ලමයට මොලයක් දුන්නෙ නැත්තෙ ඔබතුමා)

" සරි සරි විඩ්‍ර ලක්ශ්මි. මේඝා පොයි කුලතිල් කුලිචිට වා "
( හරි හරි ඒක අතාරින්න ලක්ශ්මි. මේඝා ගිහින් පොකුනෙන් නාගෙන එන්න)

" ම්ම් ම්ම් "

අඩියත් පොලවෙ හප්ප හප්ප සාරියත් උස්සන් චිම්පම්සි ස්වරූපෙන් මන් පොකුනේ පඩි බැස්සා. අයියෝ සාමී නී එනක වේනා වේනා වේඒනාආඅ. මේක සීතලයි බොලව්. මට හෙම්බා හැදුනොත් ලේසියෙන් හොදවෙන්නෙත් නැ. පොකුනට බැහැලා කෝවිල් මුදුන දිහා බලන් වැදගෙන මන් පොකුනේ තුන්පාරක් උඩට යටට ගිහින් ආවා. පොකුනෙන් එලියට ඇවිත් පඩිය නගිද්දිම අම්මා ඇවිත් අලුත් රතු පාට සාරියක් මගේ කර වටේ එතුවා. දැන් තියෙන්නෙ නිවස බලා ගමන් කරන්න මේඝා.

" සරි නා තූන්ග පෝගිරේන් "
(හරි මන් නිදාගන්න යනවා)

" සාප්පිට්ටු පෝ මා "
(කාලා යන්න ලමයෝ)

Next Room |PJM||Where stories live. Discover now