බෙල් එක ගහලා පහල රැස්වීමට ගිහින් මම serch පාරක් දාලා පෝලිමේ හිටගත්තේ දෙනුවන් අයිය ඉදපු පේලිය කෙලින් ...මාත් එයා ගානට තරම් ම උස නිසා පෝලිමේ පිටිපස්සෙන් ම
තැනක් සෙට් වෙනවා.
මේ මනුස්සයා al exam ලියන්නෙ මේ අවුරුද්දේ උනාට මම ලබන අවුරුද්දේ නෙ . ඉස්සර නම් මේකා ඉස්කෝලෙ එනව අඩුයි හැබැයි. මොකක් හරි වැඩක් වැටිලද දන්නෙ නෑ මේ ටිකේ දිගටම ආවා . මොනා වුනත් තාමත් මගේ හිතට හරි නෑ උදේ කෑ ගහපු එකට .
ඒ උනාට ඌටත් තිබුන කට පියාගෙන ඉන්න
ඕන්නැති අවලම් කතා නොකිය ...
හිරුකයා ත් උගේ අයියව මගෙන් වහගෙන ඒ පෝලිමේ කෙලින්ම ඉදියෙ නැතැයි.
ඔන්න ඕකනේ කරන්න බැරි...

අද සිකුරාද අංශ ප්‍රධාන රැස්වීම් තියෙන දවස .
11 ,12,13 වසර රැස් වෙන්න ඕන office එක ඉස්සරහට .
අනිත් ඒවත් තැන් දෙකකට බෙදලා. එකක් පිට්ටනියේ. අනිත් එක බෝ මැදුර ලග .
හිරුකයා perfect නිසා ඌත් ශේප් එකේ මාරු උනා පොඩි එවුන්ගේ රැස්වීම් තීන පැත්තට .
ඔය කිව්වට ඕකා ලමයි ගැන බලනවා නම් බැරියැ.
දැන් නම් ඉතින් දෙනුවන් අයියව මගේ දර්ශන පථයට ගානට සෙට්..

මම ගාථා කියද්දීත් සැරින් සැරේ ඌ දිහා බැලුවට ඌ නෙවෙයි කොහෙවත් හැරෙන්නෙ.
සැදැහැවත් උපාසකයා වගේ දොහොත් මුදුන් තියාගෙන වදිනවා.
ඒකට මම
රූං පෙත්ත වගේ හතර වටේටම කැරකෙනවා.
පිනා දැක්කොත් අර මහසෝනා බෙල්ල කඩනව වගේ ඔලුව හරවයි.

හාමුදුරුවෝ පන්සිල් පිහිටුවලා එහෙ මෙහෙ ඇබරෙන්න ගත්ත පණු හිච්චෝ දෙතුන් දෙනෙක් ටත් ටිකක් ගොරවලා පේලියක් ඇදයට තීනව දැකල ඒ ශ්‍රේණිය භාර මිස්ටයි prefect ටයි කෑ ගහලා ගියා.
ඕක ඉතින් හැමදාම ඔහොමම තමයි.
උදේට මොන good ද ඉතින්
good morning කැලේ ...

මීලගට යෙදී තිබෙන්නෙ ජාතියේ අනන්‍යතාව විදහා දක්වන ජාතික කොඩියත් පාසලේ අනන්‍යතාව විදහා දක්වන පාසල් කොඩියත් උඩු ගුවනේ ලෙලදවීමටයි.
ඒ සදහා ජාතික කොඩිය ගුවනේ ලෙලදවීමට නුවන් හසරංග සොහොයුරාටත් පාසල් කොඩිය ගුවනේ ලෙලදවීමට පැහැසර හසරැල් සොහොයුරාටත් ආරාධනා කරමි.

ගාථා කියද්දි වගේම මම දැනුත් ඉතින් බැලුවේ දෙනුවන් අයියා දිහා .මගේ හිතට හරි නෑ
ඌ ඉන්නෙ හොදින් නෙවෙයි වගේ. ඌ මොනවහරි බර කල්පනාවක ඉදී යේ. ජාතික ගීය කියනකොටත් ඌ වැදගෙන ඉදලා පිටිපස්ස එකා වැලමිටෙන් ඇන්නහම තමයි අත් පල්ලෙහාට දා ගත්තේ.
ඒකගෙ ඇස් පිහාටු බර වෙලා . මටත් තිබුන උදේ එහෙම කෑ නොගහ ඉන්න. තාත්තට ගොඩක් ආදරේ ඇති කොල්ලා .
පව් ඉතින් මටත් මගේ තාත්තට මොනවහරි කියද්දී ඉවසන්න බෑනේ .
ශික් විතරක් මගේ කට ...

නිදුක් Where stories live. Discover now