49...... අනාගත උරුමකරු....✨️✨

1K 263 128
                                    

🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮......

🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

GoldenSanu ආදරණීය නංගාගෙන්... ලස්සනම ලස්සන තෑග්ගක් .... 💚❤💛

.
.
.
.

" හදිසියේම ෂින් ෂූ පුස්තකය වැඩි ආලෝකයක් විහිදුවන්නේ ඇයි ......"

" ඉතින් ගිහින්ම බලමු සියැන්....."

",සෙමින් අඩිය තියන්න යුයෙන් .....මගේ පාදය තවම සුවවී නෑ......."

" නුඹ නම් සත්දිනකට වතාවක් කුමක් හෝ ආන්තරාවක් සිදුකරගන්නවා...... "

යුයෙන් මහරජුන් සිනාසෙමින් සියැන්ගේ ඉනවටා අතක් දමා ඔහුව සිරුරට වත්තම් කරගත්තේය .... සියැන් මහරජුන්ගේ ඇඟට වැඩිපුරත් බරදමා අඩිය තියන්නට පටන්ගත්තේය ....

මේ රාජාභිෂේකයෙන් තුන් මසකට පසුවයි .... වස්සාන අසපුව මෙන්ම වෙනදාටත් වඩා විශාල ෂ්‍යූ රාජධානිය ඉතාමත් සාමකාමීව සහ සශ්‍රීක ව පාලනය වන සමයකි.... ගංගා ඇලදොල වල් වලින් ජලය පානය කල සියල්ලෝම දැන් භූගත ජලය භාවිතා කරන්නට පුරුදුවී ඇත.... ශේතියෑන් ජීවත්වන කාලයේදී මෙන් අදුරු මායාවලින් සිදුවන විපත් පිළිබඳව බියක් ඇත්තේ නැත... ෂ්‍යූ රාජධානිය තුල මේ වන විට අඳුර මායාව සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන අතර , කවුරුන් හෝ හොර රහසින් හෝ අදුරු මායාව භාවිතා කරන්නේ නම් ඔහුට මරණීය දණ්ඩනය ලබා දෙන්නට යුයෙන් මහරජුන් නියෝග කර තිබෙන්නේය.... බායිලා ෂන් කන්ද සෑමදිනයකම රාජධානිය වැසියන් හට පුද පූජා පවත්වන්නට විවරවී  තිබෙන අතර සෑම උදෑසනක ම වස්සාන අසපුවේ ඍෂිවරයකු එතැනට පැමිණ ඒවා සූදානම් කරන්නේය....

මිනිසුන් ඇසට නොදකින නමුත් එහි සිටින මිනිසුන්ව නිතරම දකින වස්සාන අසපුව සමඟ ෂ්‍යූ රාජධානියට  වෙන් කරන්නට නොහැකි සම්බන්ධතාවයන් ගොඩ නැගී තිබෙන්නේ ය.... කවුරුන් හෝ අසනීප උනත්  තදබල අසනීපයක් නොවේ නම් වස්සාන අසපුවට යන්නට අවැසි නොවේ .... රාජකීය වෙද මැදුරටත් සෑම උදෑසනකම වර්තන අසපුවේ වෙදැදුරෙක් පැමිණෙන්නේය...... එතැන තිබෙන පහසුකම් මදි වුනොත් පමණක් රෝගීන්ව වස්සාන අසපුවට රැගෙන යන්නේය..... නමුත් ඉතින් එහි පවතින නීති නම් ඒ ලෙසින්මය... වස්සාන අසපුවට ඇතුළුවන කිසිවෙකුටවත් එහි මතකයන් සමගින් පිටතට පැමිණෙන ට අවසරයක් නැත...

🔮🔮The Secret Of Yangzhai 🔮🔮 ...... Yizhan Historical ✔  Where stories live. Discover now