26.. ස්පර්ශයේ බලය....✨️

952 289 213
                                    

🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮..................

.
.
.
.

එවර සියැන් ඔහුගේ දෙපා පවා සයනයෙන් බිමට තැබුවේය...

" මා දැනටමත් නිරෝගී වී අවසන් සිචූයි අයියන්ඩී .......මා මගේ දෙපයින්ම ඇවිද ගොස් මුත්තණුවන් හට ඒ බව දන්.................

" තවත් සත් දිනක් ගත වන තුරු මේ කුටියෙන් පිටතට යන්නට හිතන්නටවත් එපා සියැන්........"

නුවැන්ග් ගේ කෝපයෙන් පිරුනු මුහුණ දුටු දෙදෙනාම බිම බලාගත්තේය ...

**

",සිචූයි ...අසනීපයෙන් සිටින මාගේ දරුවාව ගමනකට පොළඹ වන්නේ මන්ද......."

නුවැන්ග් ඊලඟට කෝපයෙන් සිචූයි දෙස බැලුවේය ....

" මෑණියනි ......මේ ගමනට සියැන් තරම් දක්ෂයෙක් මේ වස්සාන අසපුවේ නැති තරම්......"

සිචූයි බොහොම සන්සුන්ව වචන අමුණන්නේය...නුවැන්ග් එක්වරම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ නැතුව ඔහුගේ කතාවට සවන් දෙන්නට සූදානම් නිසා සිචූයි යළිත් කතා කරන්නට පටන් ගත්තේය...

" කුමක් හෝ හේතුවකට ඔහු අසනීප වූවා නම් ඔහුම අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගෙන සුවපත් විය යුතුයි මෑණියනි.... වස්සාන අසපුවට සිටින විශේෂිතම වෙදදුරා සියැන් බව මා අමුතුවෙන් පැවසිය යුතු නෑනේ.... ඔහු මේ ලෙසින් රෝගාතුර වී සයනයේ සිටීම අපටත් දරාගන්නට නොහැකි.. "

නුවැන්ග් නිහඩව සියැන් දෙස බැලුවේය ... ඉතින්  මෙතරම් දිනක් මලානිකව තිබූ ඔහුගේ මුහුණ දැන් බලාපොරොත්තුවකින් දිදුලන ආකාරය මෑණියන් දුටුවේය.... හේතුවක් කියන්නට නොදන්නා නමුත් මේ ගමන ඔහුට විශේෂ බව ඇගේ හදවතට දැනෙන්නට පටන් ගත්තේ ය....

" සියැන්ගේ අදහස ......."

කුටිය තුළ සෑහෙන වෙලාවක් පැවතියේ දැඩි නිහැඬියාවකි...අවසානයේ නුවැන්ග් එලෙසින් ඇසුවේය ..... සියැන් සයනයෙන් නැගිට තම මෑණියන් අසලට ඇවිද ඇවිත් ඇගේ අතකින් අල්ලා ගත්තේය....

" ෂ්‍යූ රාජධානියට මා අතින් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන්නට මට ඉඩ දෙන්න මෑනියණි.... හෙට හිරු උදාවන්නට ප්‍රථමව මා සුවපත් වෙන්නම්.. "

🔮🔮The Secret Of Yangzhai 🔮🔮 ...... Yizhan Historical ✔  Tempat cerita menjadi hidup. Temukan sekarang