අසීමාන්තික - 10 කොටස

490 72 8
                                    

ඩෝං...

ඒ පළමු වෙඩි ශබ්දය...

දීශ් හිටියේ රාත්‍රියේ හොටෙල් පරිශ්‍රයේ එල්වලා තිබ්බ සුදු කහ බල්බ් වලට දිලිසෙන, නිල්ල ගහන ස්විමින් පූල් එක ගාව...තට්ටු තුනක හොටෙල් එක ඉදිරිපස බිත්තියේ ඉහළ සිට පහළට බල්බ් වැල් එල්වලා හැඩ කරලා තිබුණා ඇස් නිලංකාර වෙන තරමට...ඒත් එක්කම වාගේ දෙවෙනි වෙඩි ශබ්දයත් හොටෙල් එකේ තුන් වෙනි තට්ටුවෙ සිට පහළට සිසාරා දෝන්කාර දෙනවත් එක්ක ඒ අත වෙව්ලන්න ගත්තේ පොඩි ගැස්මකුත් එක්ක...

ආයිශ්...කෝ මේ කොල්ලා....

' මේ ටික වෙලාවට කොහෙ අතුරුදහන් වුණාද ' කියලා හිතමින් දීශ් කළේ එයාගේ ඇස් හොටෙල් පරිශ්‍රය පුරාම යවපු එක...

" මොකද්ද වෙන්නේ...."

දීශ් ඇහුවේ පහළට දුවගෙන ආපු මාලියද්ද මන්ත්‍රීතුමාගේ යටතේ උන් බොඩිගාඩ් කෙනෙක්ගෙන්...

" උඩ තට්ටුවේ....ඇටෑක් එකක් වගේ.....කට්ටියක් පිස්තෝල තියාගෙන....අනිත් සෙට් එක හොදටම බය වෙලා...."

" මොක්කුද මේ රෑ....."

"කාගේ කවුද දන්නේ මන්ත්‍රීතුමා......උන් මුළු ප්ලේස් එකම අල්ලලා තියෙන්නේ.....අපිට මොනවත්ම කරගන්න විදිහක් නෑ...උඩ සුදු පොඩි කොල්ලෙක්ගේ ඔළුවට තුවක්කුවක් තියාගෙන එකෙක් තර්ජනේ දානවා....හැබැයි තව ටිකක් යද්දී මොකාගේ කවුද කියලත් එළියට ඒවී..."

ඒ මොකාගේ මොකා වුණත් දීශ්ට දැන් අදාළම නැති ගාණයී...

' සුදු පොඩි කොල්ලෙක්...'
නැහැ...සන්සුන් වෙන්න...කරුණාකරලා..
ඒ ආයෙත් හිතට සැනසීමක් ඕනේයි කියන...සන්සුන් වෙන්නයි කියන දීශ්ගෙම හිත....
ඒත් ' සුදු පොඩි කොල්ලෙක් ' කිව්වම දීශ්ගේ හිතට කොහෙත්ම සැනසීමක් දැනෙන්න පුළුවන්ද....
කොහෙත්ම නෑ....ඒ ඇස් මානේ අර රුව නොහිටින්න තවත් කලබල වුණා මිසක...

" කොයි මගුලෙ ගිහින්ද මේකා...."

දීශ් දහ අතේ කල්පනා කරද්දී අර අතේ තිබ්බ වොඩ්කා වීදුරුවට දීශ්ගේ තද වෙච්ච අතේ ප්‍රෙශර් එක දැනෙන්න ඇති....ම්ම්ම්ම් බොහොම තදයි.....දීශ්ගේ තිගැස්මෙත්,කේන්තියෙත්,බයෙත් ප්‍රමාණයට....
නොට් ලෝ ප්‍රෙශර් ඕ(or) හයි ප්‍රෙශර්...ඉට්ස් අල්ට්‍රා හයි ප්‍රෙශර් ප්‍රෝ මැක්ස්....යාන්තමට වීදුරුව නොබිදී බේරුනා ඒකේ හයිය කමට....

අසීමාන්තික || Non Fiction Donde viven las historias. Descúbrelo ahora