" සේහ..පොඩ්ඩක් ඔහොම ඉන්න..."
දීශ් සෝෆා එකේ ඉදගෙන පත්තරයක් බලමින් හිටියා.අමුතුයි වගේද? නෑ ඉතින්,ඒක දීශ්ගේ ස්වභාවය..එයා ගෙදර ඉන්නව නම් උදෙන්ම නිව්ස් පේපර් එක බලන්න අමතක කරේ නෑ.මොකද ඒක දීශ්ගේ ඩේලි රූටීන් එකේ කොටසක් වුණා එයා ගෙදර ඉන්න දවස් වලට..
" මොනවද ඔය අත් දෙකේ තියෙන්නේ ? "
මොකටද අහන්නේ ? සේහ්‍යගේ අතේ තියෙන්නේ දීශ්ගේ ඊයේ රෑ ගලවපු සපත්තු කුට්ටම කියලා පැහැදිලිව දැක දැකත් දීශ් එහෙම ඇහුවා.සේහ්‍ය හිටි තැනම නැවතිලා බලාගෙන හිටියා දෙන්න උත්තරයක් නැතුව.ඊයේ රෑ දීශ්ගේ මූණේ තිබ්බ භාව ප්‍රකාශනය අද උදේ වෙද්දී කටුස්සා පාට මාරු කරන්නා වගේ වෙනස් වුණේ කොහොමද කියලා සේහ්‍ය හිතුවා. මොකද ඊයේ රෑ දීශ් හැසිරුණේ ' මේ ලෝකේ මට ඔයා තරම් කෙනෙක් නෑ ' වගේ වුණත් දීශ් අද එයාගේ මුළු අවදානයම පත්තර කොලේකට දීලා සේහ්‍යගෙන් ප්‍රශ්න කරා.
" මන්ත්‍රීතුමාගේ..සපත්තු දෙක.."
" ඔව් මට පේනව..."
පේනව නම් ඇයි ඇහුවේ..
" ඊයේ රෑ..මොකද්ද කාමරේ දොර ඇරගෙන කළේ...නිදාගද්දී හැමදාම දොර ලොක් නොකරද නිදාගන්නේ.."
සේහ්‍යට දෙන්න උත්තරයක් නැතුව ලතැවුණා.ඔව් සේහ්‍ය ඒ ගෙදර හිටපු ගිය සතිය පුරාවටම දීශ් ඒ ගෙදරට ආවේ එක දවසයි.ඒ වගේම සේහ්‍ය හැම රෑකම නිදාගත්තේ කාමරේ දොර ඇතුළින් ලොක් නොකර.එහෙම නොවෙන්න දීශ්ට සේහ්‍යගේ කාමරේට එන්න පුළුවන් වෙන්නෙ නැහැනේ..
" නැ..මන්ත්‍රීතුමා..මං ආයෙ-- "
" නෑ නිදහසට කරුණු අවශ්‍ය නෑ...අනික තමුන් ආයේ එහෙම කාමරේක ඉන්න ඕනෙ නෑ....සෝමාගේ කාමරේ ළග තියෙන අනිත් කාමරේ නිදාගන්නව නම් හොදයි.."
සේහ්‍යට ඒ කාමරේ ඉන්න කියලා දීශ්ම තමයි කලින් කියලා තිබ්බේ මොකද සදා මහත්මියගේ කාමරේට ගොඩක් ළඟින් ඒ කාමරේ තිබුණ නිසා..සේහ්‍යට දැනුනේ පුදුම වෙනසක්,හිතට එකග නැති ප්‍රශ්නාර්ථ ගොඩකුත් එක්ක නිර්නාමික හිස් බවක්..ඊයේ රෑ එයා දීශ්ට ගොඩක් විවෘත වුණා එයාටත් නොදැනීම,අවිශ්වාසයත්,අවිනිශ්චිතතාවයත් අතරින් හිතේ ගොඩ නැඟුණු හදවත පිරිලා යන ලයාන්විත, ආදරණීය වුණ මහ ගොඩක් හැගීම් අස්සෙන් නොහිතපු විදිහේ හැගීම් රොත්තක් එයා ඊයේ එළියට දාන්න ඇති.. ඒ එළියට දාපු හැම හැගීමක් ගැනම මෙහෙම මහ ගොඩක් පසුතැවෙන්න වෙයි කියලා නොදැන..
YOU ARE READING
අසීමාන්තික || Non Fiction
Non-Fictionඑක පාරටම ලයිට්ස් ඕෆ්.... ආයෙත් ලයිට්ස් ඔන් වුණා තප්පර ගාණක් යන්නත් කලින්.... " ඇති යන්තං අර ඉන්නේ....." සැනසුම් සුසුම පහතට දැම්ම දීශ්ට නම් ආයෙත් හරි ආසාවෙන් බලන් ඉන්න දෙයක් ලැබිලා වගේ....මේ වෙඩි හුවමාරුව අස්සෙත්... ලයිට්ස් ඔන් වෙනවත් එක්කම දීශ් හොයා...