34 වෙනි සිහිනය🌼

1.3K 262 42
                                    

සතියක් ගතවෙලා ගියේ ඇහිපිය ගහනවටත් වඩා වේගෙන්......
හැමදාම ගෙදර ඉන්න බෑනෙ....
ඔෆිස් යන්නත් එපැයි......
ඉතින් මේ සරල ජීවන රටාවෙන් මිදිලා පුරුදු කාර්යබහුල කාලසටහනට හුරු වෙන්න වෙනවා....

නැන්දම්මා පොඩි අයව බලාගන්නං කීව නිසා එයාට පොඩි අයව හුරු කරන්න පුලුවන්ද බලන්න මේ ටිකේම මම එයාලව එහේ එක්ක ගියා.......
ඉතින් දවල් දවස ගතවුණේ මහගෙදර..

මිහීටයි නිවුන්නු දෙන්නටයි අපි ඉන්න ගෙදර අපේ ගෙදර වෙලා මහගෙදර ආච්චිලගෙ ගෙදර වුණේ නිකම්ම.....
පොඩ්ඩියෝ දෙන්නත් අපේ ගෙදරට තරම්ම එහෙටත් හුරුවුණා...

නැන්දම්මා නං ඉස්සර හිටිය නපුරු මායාකාරිම තමයි....ඒත් එයාගෙ එකම එක හොදක් තියෙනවා....
මාත් එක්ක මොන තරහා තිබුණත් එයා පොඩි අයට පුදුම තරම් ආදරෙයි...

නෙතූටයි සිතූටයි එයා ඉක්මනට එකතුවුණා...
මම බලාගෙන එයා ඒ දෙන්නා දිහා පසුතැවිලි වෙන පෙනුමෙන් බැලුවා....
පොඩි දෙන්නගෙ ඔලුව අතගෑවා...
එදා එයාලා ගැන කීව වචන ගැන එයා කණගාටු වෙනව ඇති...
ඒත් මගෙන් සමාව ඉල්ලන්න තරං නං එයා ආඩම්බර වැඩියි ....

පොඩි තුන්දෙනා ළග තියන් එයාලට කෑම කවන එකෙන්, කතන්දර කියන එකෙන්, එයාලා පස්සෙන් දුව දුව එයාලව බලාගන්න එකෙන් එයා අහිංසක සතුටක් ලබනවා කියලා මට තේරුණාම මගේ හිතේ තිබුණ බර අඩුවුණා.....
නැන්දම්මා ගෙ වචන වලට මගේ හිත තාම රිදිලා තිබ්බත් එයා එක්ක තරහා නොගෙන ඉන්න එකම හේතුව වුණෙත් ඒක...

නිවුන්නු දෙන්නා අපෙන් ඈතට ගිය දවසක දුක් වෙන්න තවත් කෙනෙක් එකතු වුණාදෝ කියලත් මට හිතුණා...

ආශි සතියක් තිස්සෙ කතා කරේ නෑ...මම කෝල් ගද්දි වැඩ කරන්නෙත් නෑ..
මට තේරුම් ගන්න බෑ එයාගෙ මේ හැසිරීම.......එක්කො මට එයාව බලන්න ආයෙ යන්න වෙනවා...

අද මම නිවාඩුවේ ඉන්න අන්තිම දවස...
පොඩි දෙන්නව නැන්දම්මා ළග තියලා මම මිහී එක්ක ආවා ටිකක් ඇවිදින්න.....

"අප්පච්චි වඩාගන්නකෝ..."

එයා හුරතල් වෙනවා...මට තේරෙනවා ඒ ඇයි කියලා....එයා දැන් නෙතූටයි සිතූටයි ආදරෙයි...එයා දන්නවා එයාලා පුංචියි, එයාලට ආදරේ ඕනෙ කියලා...
ඒත් මිහීත් තාම පුංචි එකෙක් ,
එයාට බයයි එයාට ආදරේ අඩුවෙයි කියලා.....

මතකයට හොරෙන් ✔️Where stories live. Discover now