මේ ජීවිතේ අලුත් කඩයිමක්ද???
අද ඉදලා ජීවිතේ වෙනස් වෙයිද???
අලුත් වෙයිද??
අමාරු වෙයිද??මම දමලා ගහලා දාලා ආවෙ අවුරුදු ගාණක් මට හෙවණ දුන්නු ගෙදර ....
සමහර විට ගිහින් එන්න ආයෙ යාවි....
ඒත් හැමදාටම නවතින්න නං නෙවේ...ඒ ගෙදර ඇතුල සමහර වෙලාවට හිරගෙදරක් වගේ දැනුනත්
ආරක්ෂාව, උණුහුම දෙකම ඒ ගෙදර තිබ්බා...
තව පපාගෙ මතක ඔක්කොම....
එතකොට තාත්තා......
ඒ හැමදේම තිබුණේ ඒ ගෙදර එක්ක බැදිලා...ඒත් මගේ පවුල කියන්නෙ මගේ ගගුල් එක්ක මගේ මිහී....
ඉතින් ගෙදර කියන්නෙ අපි තුන්දෙනා එකට ඉන්න තැනනෙ....
ඉතින් අපිටම කියලා ගෙදරක් හදාගන්න එකේ...
අලුත් මතක එකතු කරන එකේ වැරැද්දක් නෑනෙ නේද....නිතර මිනිස්සුන්ගෙන් පිරුණ , ලොකු ගෙදරකට හුරුවෙච්ච ගගුලුයි මමයි තනියම ජීවත් වෙන්න යනවා කියලා හිතනකොටත් හරිම අමුතුයි වගේ....
මේදු නං ළගදිම බදීවි...
එයත් ළගදිම වෙනමම ගෙදරකට යයි...
දිලුම් දැන් අපේ ඔෆිස් එකේ නෑ..
එයා දැන් තාත්තගෙ බිස්නස් බලාගන්නවා....මේදුගෙ වෙඩින් එක ඉවර වුණාම ගෙදර පාළුවෙයි...
ඒත් දෙනෙත් කැම්පස් නිවාඩු දවසට ගෙදර ඒවිනෙ...
එතකොට ගෙදර පාළුව නැතිවෙයි..ගෙදර තියෙන්නෙ ගගුල්ගෙ නමට වුණත් කාලයක් යනකන් ඒ ගෙදරට අඩිය නොතියන්න මම තීරණය කරලා ඉවරයි....
මේදුගෙ වෙඩින් එකේ වැඩ වලට සමහර විට අපිට යන්න වේවි....
තව මාස කීපෙකින් බදින කතාවක් මේදු මට කීවා ෆෝන් එකෙන්...
කෙල්ල ආපු වෙලාවක අල්ලගෙන උපදෙස් ටිකක් දෙන්න ඕනෙ....අයියා විදිහට යුතුකමනෙ ඉතිං....මම ඕවා කල්පනා කරන අතරේ අපි ටවුන් එකට ඇවිත්...
ගගුල් මුලින්ම නැවැත්තුවේ ඩිස්පැන්සරියක් ළග."අතට බෙහෙත් දාගෙනම යමු චූටි.."
"ඕන නෑ , මේක හරියයි"
"කිව්වම විකාර නැතුව එන්න.....මගෙනුත් නාහා පණ්ඩිතයා වගේ ගිහින් මෙතන ඕඤ්ඤෑ මේක හරියයි චූටිලු...දෙන්න හිතෙනවා දෙකක් , ඇත්තමයි චූටි ඔයා මට වඩා බාල වුණානං එහෙම මගෙන් ටොකු කාලම ඔලුව හිල්වෙලා....වයසට ගරු කරලා මේ ඉවසන් ඉන්නෙ...
යං ඉතිං, ඉක්මනට බෙහෙත් දාගෙන එමු ළමයි ඇහැරෙන්න කලින්.....
YOU ARE READING
මතකයට හොරෙන් ✔️
Fanfictionඅතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction