මම කෑම මේසෙ ළගට ඇවිදන් ගියේ හීනෙන් වගේ....
"අප්පච්චි....ඔයා ආවද?
මං හිතුවෙ අදත් පරක්කු වෙයි කියලනෙ. "මිහී මං දිහා බලලා හිනාවුණත් වෙනදා වගේ දුවන් ඇවිත් ඇගට පැන්නෙ නෑ..එයාට මොනවද ගෙනාවෙ ඇහුවෙ නෑ...
මට ඇඩෙන්න වගේ දැනුනා..පපුව රිදෙන්න ගත්තා....
මගේ දරුවව මට මග හැරිලා...එයා බයයි දුවගෙන ඇගේ එල්ලෙන්න ආවොත් බැනුම් අහන්න වෙයි කියලා.
ගගුල් මං දිහා බලලා ඉදගන්න එන්න කීවත් එයාවත් සීතල විදිහටයි මට පෙනුනේ....එයා අනිත් අයට දුන්න හිනාව මට දුන්නෙ නෑ වගේ දැනුනේ..
ඇයි මෙහෙම වුණේ??
මම ඒ තරම්ම මෝඩද??මිසිස් අරුන්දි ගෙ සැලැස්මට බෙල්ල මුලින් අහුවෙන්න තරං..
මම කටක් දෙකක් කාලා උඩට ගියා, කවුරුත් දිහා වැඩිය නොබලම....
හැමදෙයක්ම එපාවෙලා වගේ.මට කලකිරුණා හැමදේම...ටික දවසකට කලින් ගෙව්ව සැහැල්ලු දවස් හීනයක් වගේ කියලා හිතුණා..
මම අපේ කාමරේ කබඩ් එකේ ලොක් කරලා තිබුණ කොටස ඇරලා එළියට ගත්තෙ විස්කි බෝතලයක්.
මම කාලෙකින් බීවෙ නෑ.
මොකද මට බීලා නිදහසේ වැටිලා ඉන්න තරං ඉස්පාසුවක් තිබ්බෙ නෑ.මම දොරත් වහගෙන අමුවෙන්ම බෝතලේ කටේ තියාගෙනම බීවා...
ටික ටික බෝතලේ ඉවරවෙනවා උගුර පිච්චීගෙන යනවා දැනුනත් බීවා....
මගේ පපුව මැද්දෙ තිබුණ රිදිල්ල නැතිවෙනකම්ම බීවා.ගගුල්වත් මිහීවත් උඩට ආවෙ නෑ...
එයාලා පහළට වෙලා හිනාවෙනවා ඇති මං නැතුව...වෙනදා විනාඩි පහක් මං නැතිවුණත් චූටි කියන් දුවන් එන ගගුල්වත් අප්පච්චී කියන් දුවන් එන මිහීවත් අද නෑ.
මට කේන්ති මං එක්කමයි...
මේ හැමදේම වුණේ මං නිසා....
එයාලාව ඈත්කරේ මං....මගේ දගයො දෙන්නා මාව හොයන් කෑ ගහන් එද්දි මම ඔෆිස් වැඩ...මට රෙදි වොෂින් මැෂින් එකට දාන්න තියෙනවා...උයන ඒවා මොනවද බලන්න යන්න තියෙනවා කියලා එයාලාව පැත්තකට කරේ මමමයි...
YOU ARE READING
මතකයට හොරෙන් ✔️
Fanfictionඅතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction