33 වෙනි සිහිනය

Начните с самого начала
                                    

පුංචි දරුවන්ට ඉක්මනට තැනකට හැඩ ගැහෙන්න පුලුවන් , මෙයාලත් ඒ වගේ.....

නෙතූටයි සිතූටයි අපි ළග ආරක්ෂිත ගතියක් දැනෙනවා ඇති...
ඒ නිසා ඒ දෙන්නගේ බය අඩුවෙලා...

අපි මේ ඔංචිල්ලාව හදන අතරේ මගේ ආදරණීය මහත්තයා ගගුල් ලොකු වැඩක්...
අද හැමෝටම තේ බොන ගමන් කන්න එයා පෑන්කේක් හදනවලු...
කාටවත් කුස්සියට එන්න දෙන්නෙත් නෑ ....
ඇණයක් වෙන්න එපා කියලා මාවත් එලව ගත්තා.....
හැන්දත් අතේ තියන් ඇන්ග්‍රි බර්ඩ් මෝඩ් ඔන් කරන් හිටිය නිසා මමත් මුකුත් කියන්න ගියේ නෑ..
බලමුකො මහත්තයා පෑන්කේක් හදන හැටි....

අන්තිමට කොහොමහරි මම ඔංචිල්ලාව බැදලා හිමීට ගහෙන් බැස්සා, වැටිලා මැරුණොත්  එහෙම....
මේ ලෝකෙට ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්, ශ්‍රේෂ්ඨ සැමියෙක්...තව ශ්‍රේෂ්ඨ පියෙක්, සහෝදරයෙක්, මිතුරෙක්  අහිමි වෙනවනෙ.....
කොච්චර ලොකු පාඩුවක්ද මං කියන්නෙ....
ගගුල් මළගෙදරදි අඩයිද දන්නෙත් නෑ,
ඕකා ෂුවර් නෑ...
කොහොමත් මැරුණත් හොල්මනක් වෙලා හරි එනවා මම එයාට තනි රකින්න.....

මම ගහෙන් බැහැලා අඹ ගහට එහා පැත්තෙ තිබ්බ බංකුවේ ඉදගත්තා.....
හම්මේ මහන්සියි...තාත්තෙක් වෙන එකත් ලේසි නෑ .....මගේ කොන්ද...

මිදුල නං දැන් පුංචි වුණත් හොද පෙනුමයි...
මිදුල අතුගාලා අස් කරලා, කණාටු වෙලා තිබුණ පරණ පැළ අයින් කරලා අලුත් පැළ ඉන්දපු නිසා  පිළිවෙලයි දැන්...

අනික පොඩි අය දුවන පනින කොට, සෙල්ලම් කරන කොට මේ පාළුවට තිබුණ ගෙදර තවත් පිරිලා වගෙ දැනෙනවා....

මම මිදුලෙ ලස්සන ගැන හිතන අතරේ පොඩි තුන්දෙනා ඔංචිල්ලාව මුලින් අයිතිකරගන්නෙ කවුද කියන එකට රණ්ඩු වෙනවා...
මිහී
"මං තමා අයියා, ඒ නිසා ලොක්කා" කියන වචනෙ පාවිච්චි කරලා මුලින් වාඩිවෙලා ඔංචිල්ලාව පදින්න ගද්දි ඊලග අවස්තාව අයිති කරගන්න නෙතූ බිම තිබ්බ අඹ කෝට්ටකුත් අරගෙන සිතූ පස්සෙ පන්නනවා...

මට ඒ දෙන්නා දකිද්දි මාවයි බෝනික්කිවයි ළමා නිවාසෙ රට අඹ ගහයි මතක් වෙනවා...
ඔය විදිහටම අඹ කෝටු වලින් ගහන්න පන්නපු ඒ කාලෙ මතක් වෙනවා .....
අමු අඹ ගල් වල තියලා තලලා මිරිසුයි ලුණුයි දාලා කෑව හැටි, බෝනික්කි ඒවා කාලා මූණ ඇඹුල් කරගත්ත හැටි මතක් වෙනවා..

මතකයට හොරෙන් ✔️Место, где живут истории. Откройте их для себя