0002

575 83 14
                                    

සතියක්....දැනට සතියක්....යිබෝ නැතුව...එයාගෙ උනුහුම නැතුව දැනට සතියක් වෙනවා....

අදත් වෙනදා වගේම තියාන් අයියා මට කවලා වැඩට යන්න ගියා...එයා හැමදාම උදේට මට කවලා තමයි යන්නෙ... මන් බලාගත්තු අත බලාන ඉන්නවා මිසක් කන කෑම දිහාවත් බලන්නෙ නැති නිසා තමයි අයියා කවලාම යන්නෙ...දවල් රෑ කියලා වෙනසක් නෑ....ඒ වෙලාවටත් ආන්ටි හරි කවනවා.....

තියාන් අයියා මට කවලා එයත් කාලා වැඩට යන්න ගියා...මටත් ඉතින් වෙන වැඩක් නැති එකේ නිදාගන්න කියලා ගියත් එකපාරටම වමනෙට වගේ එන්න ආව නිසා මන් අතින් කටත් වහන්ම බාතෲම් එකට දුවලා කොමඩ් එකට මූන ඔබාගත්තා.....


දෙයියනේ.....ඒ...ඒ....ලේ නේද....එතකොට.......




වමනෙ ගියපු නිසාම මට හෝන්දු මාන්දු ගතියකුත් එක්කම ඇගට පණ නැති ගතියක් ආව නිසා මන් අමාරුවෙන් බිත්ති අල්ල අල්ල කාමරේට ගිහින් හාන්සි උනේ නිදාගෙන නැගිට්ටම පොඩ්ඩක් ඇරිලා යයි කියලා හිතන්...


❤️යිබෝ...

💚ම්ම්...

❤️ඔයා මට කොච්චරක් ආදරෙයිද...

💚කොච්චරක් ආදරේ වෙන්න ඕනද....එච්චරක් මන් මගේ හා පැටියට ආදරෙයි....

❤️එහෙම බෑ....කියන්නකො...

💚මොනාද...

❤️ඔයා මාව කවදාවත් දාලා යන්නෙ නෑ නේද...

💚එලෙව්වත් යන්නෑ...

යිබෝ.....අනේ ඒක හීනයක්ද...

"සිහිනෙන් ඇවිදින්
ඔබ ගිය මොහොතේ
මතක මල් පරවෙලා
වැටෙනවා"











💙මල්ලී.....ජාන්.....ජාන්....නැගිටපන්කො...

❤️ම්හු...

💙කෝ නැගිටපන්...මන් බඩ්ඩක් ගෙනාවා...

❤️ම්හුක්...

💙හුක් හුක් නෙවෙයි...නැගිටපන් බන්....

❤️මොකද අයියෝ...

හීනයක් දැකලා ඇහැරුන මට ආයෙම නින්ද ගිහින් තිබුනා....නින්දෙන් ඇහැරුනේ අයියා ඇවිත් මොනාද ගෙනාවා කිය කිය කකුලෙන් ඇද ඇද කෑ ගහනකොට....

❤️කෝ ඉතින්...

💙ආ...

මුරුක්කු...අනේ සස පාටයි....හ්ම්ම්....සූදයි....මන් කරස් ගාන සද්දෙන් එකක් කටේ දාගෙන හපන්න ගත්තා...සුදුලූනූ රස ලුනු මිරිස්...ආයෙ නෑ දිව්‍ය ලෝක රසයි මට නම්....

මේ දෛවයම ද?💚❤️ | complete✅Where stories live. Discover now