💚තමුන් මාව නොමග යවන්න බොරු නොකියා තමුන්ගෙ මේ මගුල් ඇදුම් ටික අරගෙන යන අහක යනවා.....ආයෙ මගේ දෑහට පේන්න ආවොත්.....ආන් එදාට උබට මේ යිබෝ කියන්නෙ කවුද කියලා හොදට බලාගන්න පුලුවන් වේවි...

අවසානෙදි ඒකත්....මන් කිසිම බොරුවක් නොකරපු....මගේ ආදරේ....එයත් එයත් මාව සැක කලා....මන් දුකින්ම කදුලු පුරවන් වේදනාත්මක හිනාවක් දීලා සූට් කේස් එකත් ඇදන් පාරට ඇවිත් බස් හෝල්ට් එක ගාව නැවතිලා පවුලක් නැති මට මගෙම අයියෙක් උන තියාන් අයියට කතා කරලා සිද්ද වෙච්ච දේවල් කිව්වම අකුරක් නෑරම හොදින් අහන් හිටපු අයියා අන්තිමට කිව්වෙ එකම දෙයයි....

💙උබ ඔතනම හිටපන් මල්ලි....මේ දැන්ම උබේ අයියා උබව ගන්න ඔතනට එනවා.....

හ්ම්....උබේ අයියා.....වෙන කිසිම වෙලාවකට වඩා මේ වෙලවෙ ඒ වචනෙ කෙලින්ම ගිහින් මගෙ හදවතේ කොනක නැවතුනා....ඒත් අයියෙ......මට උබගෙනුත් ඉක්මනටම සමුගන්න වෙයි.....








විනාඩි පහලවක් විතර යනකොට තියාන් අයියගෙ කලුපාට කාර් එක ඇවිත් මගෙ ඉස්සරහින් නැවැත්තුවා...ඒ එක්කම අයියා එලියට බැහැලා මගේ අතින් ඇදන් යිබෝගෙ ගේ තියන පැත්තට යන්න හැදුවත් මන් අයියව නතර කලා.....මන් දන්නවා....දැන් අයියට යිබෝ ගැන මරන්න තරම් කේන්තියක් තියනවා කියලා...ඒ තරම්ම මගෙ තියාන් අයියා මට ආදරෙයි...එයා කියන්නෙ පුන්චි කාලෙදිම නැතිවුන එයාගෙ මල්ලිගෙම පොටෝ කොපි එක මගෙන් දකිනවා කියලා....

❤️එපා අයියෙ....ඕන නෑ.....එයා දවසක තේරුම් ගනී.....

💙ඒත් මල්ලි.....

අයියා ඒත් ගගා මගේ මූන දිහා දුකින් වගේ බලනකොට මන් එපා කියන්න ඔලුව චුට්ටක් දෙපැත්තට වැනුවා....

💙අපි යමන් මල්ලි ගෙදර....උබට කවුරු නැතත්....මේ අයියා ඉන්නවා.....

මොනවා නැතත් ඒ වචන මගේ හිත හයිය කරා....මටත් කියලා මේ ලෝකෙ කෙනෙක් ඉන්නවා නේද කියලා හිතුනා....මායි තියාන් අයියයි කාර් එකෙන් එයාලගෙ ගෙදර යන්න ගියා.....මට ආසවක් තියනවා මන් මැරෙන්න කලින් අයියෙක්ගෙ ආදරේ විදින්න....ඉතින් විනාඩි කීපයක නිශ්ශබ්දතාවය බිදින ගමන් මන් කතා කලා....

මේ දෛවයම ද?💚❤️ | complete✅Where stories live. Discover now