Chapter 2

254 18 16
                                    

"දිගැසී.. ඇත්තමයි මං අහන්නෙ.. ඇත්තටම උබ අමුතු සතෙක් කියන එක දැන්වත් පිලිගන්නවද?"

ලයිබ්‍රි එකට යන අතරමග දැන් ලොකු වෙලාවක ඉඳලා සේයා මගේ දිහාවට රවනවා.. ආයෙ අමුතුවට බලනවා.. ආයෙ රවනවා... ඇයි?? වෙන මොකුත් නිසා නෙමෙයි එයාගෙ සිහිලැල් අයියව දැකලා මාව දියවුනේ නැති නිසාලු..

ඉතින් හත්දෙයියනේ මං මොනා කරන්නද? ආස හිතුනත් හැමවෙලාවෙම වෙන්නෙ අපේ හිත හදාගන්න නේ.. මං ඉතින් ඒක මුල ඉඳලම කලා.. සේයට ඉතින් ඒක කියන්න යනවට වඩා හොඳයි කැම්පස් එකේ ඩීන් ගෙන් හොඳ දේශනයක් අහගන්නවා...

"ඔව්.. මං පිලිගන්නවා.. "
මං පාඩුවෙ අත්දෙක බැඳගෙන ඇවිදින ගමන් කිව්වම මේකි ආයෙ රවනවා.. අනේ මන්ද ඒ ඇහිබැම් වලට ඇස් දෙකටයි පැතිකුදේ හැදෙනව මෙහෙම ගියොත්..

" ඊයා හලෝ.. හැමදාම කොල්ලෙක් එක්ක මල් කඩ කඩ නෙ උබ වෙන උන්ට පැනි හලන්නේ.."

දැම්මා තුරුම්පුව.. දැන් වරෙන්කො අමුතු සතා ගාගෙන...

"මේ මේ එව්ව වෙනයි මෙව්ව වෙනයි.."

" අනේ මොනාද දන්නෙ නැහැ නෝනගෙ ඒවා මේවා.. ඔක්කොම එකයි තමයි වෙන නැහැ.. "

හරි හරි දැන් එක්කෙනෙක් රවලා මෝටර් එකක් පස්සට හයි කලා වගේ අවිදිනවා ආයෙ ඉතින් අර කෙල්ලොන්ට පේන්න මැරෙන්න යන බයික් රේස් පදින අයියලා පරාදයි.... මට නම් පේන බැහැ ඔය බයික් රේස් කාරයෝ.. කාර් නම් කමක් නැහැ ඉතින්... ඒක මගෙත් ආසම එකනෙ..

"ඇත්තමයි බන්... සිහිලැල් අයියාගෙ ලස්සනාආආ.... කොල්ලොත් පිස්සු හැදෙනවා අහ්..."

"මෙහෙමයි වැඩිය සුදු නැහැ කලුත් නැහැ.. රත්තරං පාට.. අන්න හරි රත්තරං පාටයි යකෝ එ මනුස්සයා.."

"හත්තිලව්වේ අර ලා දුඹුරු කලිසමට සුදු ශර්ට් එක යට කරලා ඒකේ අත් උඩට නමලා.. දෙයියනේ තද දුඹුරු පාටට සපත්තුයි බෙල්ට් එකයි දාගෙන ස්ටේජ් එකේ ඇවිදිද්දි ලස්සන.. අම්මපා උබ තිරිසනෙක් දිගැසි..."

සිහිලැල් වස්සානට පිස්සු හැදුනෙ නැති මම තිරිසනාලු.. ආහ් කමක් නැහ්.. සිහිලැල් අයියා? එක්කො මුන්ට පිස්සු එක්කො මට පිස්සු..

වස්සාන වර්ෂා l WASSANA WARSHAWhere stories live. Discover now