38.... ෂින් ෂූ පුස්තකය ....✨️

Começar do início
                                    

සිචූයිගේ පියාණන් පවතින තත්වය කෙටියෙන් විස්තර කරද්දී ප්‍රධාන වෙදැදුරන් යළිත් ඔහුගේ හඬ අවදි කළේය..

".ෂින් ෂූ පුස්තකය මේ ලෙසින් තදබල ආලෝකයක් විහිද වන්නේ අනතුරක් ඇඟවීමට බවයි ඒ පිළිබඳව තොරතුරු ලියා ඇති ග්‍රන්ථය පවසන්නේ.....ඉතින් අපි මේ දෙස තවත් බලාගෙන සිටිය යුතු නෑ......."

එලෙසින් පැවසූ ප්‍රධාන වෙදදුරන් හුනස්නෙන් නැගිට්ටේය..ඔහු සහ සියැන් පමණක් ස්වේත කුටියේ ෂින් ෂූ පුස්තකය තබා ඇති විශේෂ කුටිය දෙසට ඇවිදගෙන ගියේය....

එම කුටිය විවර කරන විට ඇත්තෙන්ම දරාගන්නට බැරි ආලෝකයක් විහිදුවන පුස්තකය දුටු සියැන්ගේ දෙනෙත් ඉබේම පියවී ගියේය

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


එම කුටිය විවර කරන විට ඇත්තෙන්ම දරාගන්නට බැරි ආලෝකයක් විහිදුවන පුස්තකය දුටු සියැන්ගේ දෙනෙත් ඉබේම පියවී ගියේය ...

" තද ආලෝකයට දෙනෙත් හුරු කරගෙන පුස්තකය ස්පර්ශ කර බලන්න......"

දොරටුව අසලින් මදක් පසෙකට වී හිටගත් ප්‍රධාන වෙදදුරන් එළෙසින් පවසද්දී සියැන් අපහසුවෙන් දෙනෙක් හරිමින් පියවමින් මුලින්ම ආලෝකයට දෙනෙත් හුරු කර ගත්තේය.... පසුව සෙමින් සෙමින් ඒ අසලට ඇවිද ගොස් පුස්තකය මත ඔහුගේ අත තැබුවේය ...

දෙදෙනාම පුදුමයට පත් කරමින් ආලෝකය මදක් අඩු වී ගියත් පොත විවර කරන්නට නොහැකිය..... නමුත් තියන් යළිත් අත ඉවතට ගත් පසු පරණ ලෙසින්ම තද ආලෝකය විහිදෙන්නට පටන් ගත්තේය..

" තවත් වතාවක් උත්සාහ කරන්න...."

වස්සාන අසපුවේ සියලුම වෙදැදුරන් ඊයුවෑන් පළඳාගෙන මෙතැනට ඇවිත් මෙම පුස්තකය ස්පර්ශ කලත් මේ ලෙසින් වෙනසක් සිදුවූයේ නැත..... නමුත් සියන් පුස්තකය ස්පර්ශ කළ පසු ආලෝකය සාමාන්‍ය ලෙසින් අඩු වී ගිය අතර අත ඉවත් කර ගත් තැනින් යලිත් ආලෝකය පැතුරුණේ ඔහුගේ සහ මෙම ආලෝකයේ සම්බන්ධතාවක් තිබෙන බව අඟවන්න ටයි....

🔮🔮The Secret Of Yangzhai 🔮🔮 ...... Yizhan Historical ✔  Onde histórias criam vida. Descubra agora