"ඉතින් ඉතින් කියන්න බලන්න අද රස කතා..."
"මොන? අනේ මේ එහෙම රසකතාවක් නැහැ ඔයාට රස කර කර කියන්න.. මෙන්න මෙහෙ වර යන්න.."
නිවාඩු දවසක කරන්න වැඩකුත් නැති එකේ මම මගෙ අතිජාත මිත්රයා සේයා එක්ක ලිබර්ටි ප්ලාසා එකේ වටයක් දාන ගමන් හිටියේ.. කොහෙද මේ මනුස්සයා එක්ක මොකුත් කරන්න බැහැනේ.. ලඟකදි ඉඳලා මටත් හොරෙන් මල් කඩන එක්කෙනා ගැන අහුවා කියලනෙ මාව මේ කඟවේනා වගෙ කොහෙද ඇදගෙන යන්නේ...
"සේයා.. අනේ ඔහොම ඉන්නවා.. ඔයාට ලැජ්ජ හිතුනා කියලා මාව ඔහොම අදගෙන යන එක හරිද?? ඩේට් එකත් කනවා.."
"අනේ මේ උබගෙ ඩේට් එක.. මෙහ් දිගැසි මගෙන් අහගන්න තමයි ඔයා හදන්නේ"
"ආ දැන් ඇයි ඔයා.. අපි ඇත්ත කියද්දි නෝනට කොහොමත් රිදෙනවා ඇති නේ..."
දෙන්නත් එක්ක එක කියව කියව සේයා මාව ඉස්සරහටම ඇදගෙන යනවා.. අපිත් දෙවනි වෙලා බැහැනේ මං කියන්නේ..
"දිගැසි වර්ශා සමරතුංග!!"
"ඔව් කියන්න."
සේයා මගෙ සම්පූර්ණ නම ම කියලා කෑගැහුවා.. ඔව් එතකොට තමයි මං දැනගත්තේ සේයා නෝනා පොඩ්ඩක් නැට්ට පාගගෙන ඉන්නේ කියලා.. එ රැවිල්ල ගැන මං තරම් වෙන කවුරුත් දන්නෙ නැති නිසා මං එක සිතින් මගෙ කට වහගන්න තීරණය කලා..
අද දවසෙම අපි දෙන්න කලේ කොළඹ පුරා ඇවිද්ද එක.. කොච්චර ඇවිද්දත් මහන්සි දැනුනේ නැති තරම්.. මොකද සේයා යන ඕනි තැනම මම පුදුම තරම් පහසුවෙන් ජීවත් වෙන්නෙ.. මගේ ඇත්තම හැසිරීම එයයි අපේ ගෙදර ඉන්න අර අයිය හෙවත් අන්දරේ ලයිට් වර්ශන් එකයි අම්මයි ඉස්සරහ හැර වෙන කාගෙවත් ඉස්සරහ එලියට එන්නෙ නැති තරම්..
වෙලාව හවස 5 විතර වෙද්දි අපි දෙන්නට ඇති වුනු නිසා දෙන්නත් එක්කම ගෙදර එන්න ආවා.. සේයා එයාගෙ කාර් එකෙන්ම මාව අපේ ගෙදර ලඟට දාලා යද්දි හරියටම වෙලාව 5.45 වගෙයි.. මම රෝලර් ඩෝර් එක ළඟ තිබුණු පුංචි ගේටුව ඇරල ඇතුලට අඩිය තියද්දිම ලොකු බූල් ගෝනියක් දුවගෙන දුවගෙන අවිත් මගේ ඇගේ නැග්ගා..
"අයියෝ බෙයිලි!! එහාට යන්නකො.. වැටෙයි!!"
බෙයිලි, අම්මගෙයි මගෙ ගෙදර තනියට දුකට සැපට ඉන්න අයියා ගෙනත් දුන්න යාළුවා.. එයා ගෝල්ඩ්න් රෙට්රීවර් කෙනෙක්...
YOU ARE READING
වස්සාන වර්ෂා l WASSANA WARSHA
Romanceඔහු, වස්සානයක්, නමුදු එක, සැඩ වර්ෂාවක්!! Started - 2023.10.17 Finished-