1-100 කෙටි සාරාංශයක්

Começar do início
                                    

ජානගත රෝගයක් නිසාවෙන් එයට කළ හැකි ප්‍රතිකාරයක් නොමැති බව ඇයව පෙන්වූ විශේෂඥ වෛද්‍යවරු නිගමනය කෙරූයේ ඇයගේ ජීවිතයම කණපිට පෙරළමින්.

ඇය මුහුණේ දුඹුරු පැල්ලම් නිසාවෙන් බිඳෙන් බිඳ ඇයගේ සමීපයෙහි උන් මිතුරු මිතුරියන්, නෑදෑයින්, ගුරුවරුන් පවා ඇයව ඈත් කර දමන්නට වූයේ එම පැල්ලම් බෝ වන බවට පැතිරුණ කටකතාවක් හේතුවෙන්. අවසන ඇයගේ ඩෙස් එක, පුටුව පවා පන්තියේ කෙළවරක හුදෙකලා වූයේ ඇයගේ ළමා මනස දැඩි මානසික ආතතියක් සහිත ආගාධයකට ඇද දමමින්...

#වර්තමානයට...🤎🌙

ඒ අතීතය... වසර ගණනාවකට පෙර අතීතය. අයිවරි පැහැයට හුරු ඉන්දියානු විලාසිතාවට අනුව මංගල ඇදුම වූ චෝලියෙන් සැරසී විණාරා ඒ අතීතය මෙනෙහි කෙරූයේ ආග්නගේ කුටියේ හිඳ.

ආග්න යනු අන්කවරෙකු හෝ නොව අතීතයේ දිනක පාසලේදී තමාගේ මුහුණ ඔහු සිරුරෙහි ස්පර්ෂ වූවායැයි බැනවැදුණු පුද්ගලයා... එතැන් පටන් පාසල් කාලය පුරා විණාරාටත් ආග්නටත් ඉතිහාසයක් තිබුණද විණාරා වසර ගණනාවකට පසුව ආග්නව දුටුවේ මංගල මණ්ඩපයේදී...

~~~🤎🌙

"නැගිටපන්!"

සයනය මත වාඩිවීගෙන කල්පනා ලොවක අතරමංව හුන් විණාරා තිගැස්සී ගියේ #ආග්න කුටියම දෙදරා යන තරමට ගුගුළ ශබ්දයට.

පාසල් කාලයේ ස්ටේඩියම් එකෙහි ආග්න ඇයට බැන වැදුනද කෙමෙන් කෙමෙන් පාසල් කාලය ගත වද්දී ආග්නත් විණාරාත් අතර ඇතිවූයේ අමුතුම බැඳීමක්. මුළු පාසලෙන්, සමාජයෙන් කොන්වී හුන් ඒ විණාරා නම් කුලෑටි පාසල් දැරියව ආශ්‍රය කළ එකම පුද්ගලයා එවකට විණාරාට වසර කීපයක් ඉහළ වසරක ඉගෙනුම ලැබූ ආග්න.

නමුදු මේ මොහොතේ ඈ ඉදිරියෙහි හිඳින්නේ වසර ගණනාවකට පෙර හුන් නව යෞවන පාසල් සිසුවාට වඩා හාත්පසින්ම වෙනස් අයෙක්. පාසල් සමයේදීත් අතිශය කඩවසම් නව යෞවනයෙකු වූ ඔහු පාසල් සිසුවියන්ගේ සිහින කුමරෙක්. නමුදු දැන් විණාරා ඉදිරියෙහි හිඳිනා ආග්න නම් හැඩිදැඩි තරුණයා අසාමාන්‍ය කඩවසම්බවකින් යුතු අමුතුම පෞර්ෂයකින් හෙබි අයෙක්.ඒ බාහිරින්...

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Onde histórias criam vida. Descubra agora