අම්මා අහිංසක විදිහට හිනාවෙලා එහෙම කිව්වම හේජුන් නම් හිනා උනේ නැහැ.හේජුන්ට ටේහ්‍යොන්ග්,Mr.Kim එක්ක තියෙන තරහත් එක්කම අම්මා හංගන දේත් හේජුන්ගේ හිතට ලොකු බරක් උනා.ඒත් හේජුන් හැමදේම ඉවසලා හිටියේ තමන්ට අම්මා කිව්වා වගේම කාලයත් එක්ක උත්තර ලැබෙන නිසා.

Library

ජංකුක් ජීහුන් එක්ක cafe එකෙන් එලියට ඇවිත් library එකට ගියා.දෙන්නා library එකේ කට්ටිය ඉඳගෙන ඉන්න මේසෙ ලඟට ආපු ගමන් ටේහ්‍යොන්ග් ජංකුක්ට අමුතු බැල්මක් දැම්මා.ජංකුක් ඇරෙන්න මේ බැල්ම දැක්කේ ජීහුන් විතරයි.

"ටේහ්‍යොන්ග් පිස්සු වැඩනේ කරන්නේ...නිකං හරි coffee එක බිම වැටුනනම් මම ආයිත් එකක් අරගන්නෙ නෑ..එහෙම අරගන්නත් මට පිස්සු නෑ."

"No one asked.."

ටේහ්‍යොන්ග් ජංකුක්ව අවුස්සන්න එහෙම කිව්වම, ටේහ්‍යොන්ග් කියපු දේට පෙරලලා ආයිත් මොනවා හරි කියන්න යන ජංකුක්ට ඉබේම ජීහුන් දිහා බැලුනා.ජංකුක් දිහා බලපු ජීහුන් ඔලුව දෙපැත්තට වැනුවේ මුකුත් කියන්න එපා වගේ හඟවන්න.

"ඉවසන්නම්කෝ.."

ජංකුක් තමන්ටම එහෙම මුමුන ගත්තට ටේහ්‍යොන්ග්ටත් ඒක ඇහුනා.ටේහ්‍යොන්ග් එයා කියපු දේට ජංකුක් ඇවිස්සුනා කියලා දැනගත්ත නිසා ටේහ්‍යොන්ග්ට හිනා ගියා.ඒ වගේම තමයි මේ වෙන හැම දෙයක්ම, ජීහුන් පැත්තක ඉඳගෙන බලන් හිටියා.

පැය තුනකට ආසන්න කාලයකින් කට්ටියට වැඩේ කරලා ඉවර කරගන්න පුලුවන් උනා.ඇත්තටම එච්චර පොඩි කාලයකින් ඒ වැඩේ ඉවර කරගන්න පුලුවන් වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ.

"මං හිතුවේ අපිට තව හෙන වෙලාවක් ඕන වෙයි කියලා..ඒත් ඉතිම් ඉක්මනටම ඉවර කරානේ..."

කන්ග් දේ එහෙම කිව්වම ජංකුක් මූනත් අමුතු කරගෙන,

"ඔව් ඉතිම් දැන් මටනේ කරත්තේ අදින්න වෙන්නේ...දැන් කියන්න.මොකද්ද මම කරන්න ඕනේ..?"

ජංකුක් ටේහ්‍යොන්ග් දිහා බලලා එහෙම ඇහුවම ටේහ්‍යොන්ග් උත්තර දෙන්න ඉස්සෙල්ලා හනා කතා කරා.

"අහ් ජංකුක්......ඔයාට තව එකම එක වැඩයිනේ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ..ඒක කරන්න ඕන විදිහක් මම plan කරා.ඒක නිසා මට ඔයාට ඒක කරන්න ඕන විදිහ කියන්න ඕනේ..ඔයා මේ වැඩේ පටන් ගන්නකෝ...දවසක් දාගෙන ඒ කරන විදිහ මම ඔයාට කියන්නම්.."

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now