31.... මංගල්‍යයට පෙර ..✨️

Start from the beginning
                                    

ටික වේලාවක් කල්පනා කරමින් සිටි කුමරුන් වෙන්ෂූව තවත් වැඩකට පිටත්කර යවා පියතුමන් මුණ ගැහෙන්නට ගියේය....

" ඔබේ අදහස මේ මොහොතට ගැලපෙනම අදහසක් බව මාත් හිතනවා..........එන්න මා සමග......"

කන්ෂී රජුන් යුයෙන් කුමරුන් සමඟින් වස්සාන අසපුව සමගින් පණිවිඩ හුවමාරු කරගන්නා කුටිය වෙතට ගමන් කරන්නට පටන් ගත්තේය.....ඇත්තෙන්ම කුමරුන් මේ එතැනට යන පලවෙනි වතාවයි....

විශාල ද්වාරයක් සහිත කුටිය කන්ෂී රජුන් ඔහු අත තිබූ යතුරකින් විවර කළේය...... ඉතින් කුටිය තුලට පය තැබූ කුමරුන් හට සිහි වූයේ වස්සාන අසපුවේ සුගන්ධ කුටියයි..... ඒ තරම්ම නොවූවත් ඒ හා සමාන හැඩහුරුකම් ඇති පණිවිඩ හුවමාරු කරගන්නා කුටිය තුලට දෙදෙනාම ඇතුළු වූ පසු රජුන් ඇතුළතින් දොර වසා දැමුවේය...

" මෙතරම් කාලයක් මේ තුළට පැමිණියේ මාත් ෂූයැන්ඩිත් පමණි ........"

පණිවිඩ හුවමාරු කරගන්නා පුස්තකය අසලට ගිය රජුන් කුමරුන් දෙස බලා එළෙසින් පැවසුවේය.... ඉතින් කුමරුන් බලාගෙන සිටිද්දීම මහරජුන් වෙනදා මෙන්ම අවැසි කාරණය කෙටියෙන් පවසා පණිවිඩයක් තැබුවේය....

" හෝරාවක් ගත වන්නට පෙර ඔවුන්ගෙන් පිළිතුරක් ලැබේවි....... ඒ වන තුරු අප දෙදෙනා මෙහි අසුන්ගෙන හෙට දින මංගල්‍යයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කරමු......."

මහරජුන් එළෙසින් පවසා පුස්තකය වසන්නට ගියත් කුමරුන් රජුන්ගේ අතකින් අල්ලා ගත්තේය....

" අවසාන වශයෙන් මේ පිළිබඳව සියැන් හට නොපවසා සිටින්නේ යැයි දන්වන්න...... ඔහු කලබල වනවාට මා මදක් වත් කැමති නෑ......"

ඉතින් තම පුත් කුමරුන් වෙතට ආදරණීය සිනහවක්  තිලිණ කල රජුන් ඒ පණිවිඩයත් ඉක්මනින් සටහන් කළේය..

" එතරම් සෙනෙහසක්......"

පුස්තකය අසලම ඇති අසුනකින් වාඩි වෙමින් රජුන් ඇසුවේය.......

" මට ඔහු දැනෙන්නේ මගේ ප්‍රාණය ලෙසින්......."

යුයෙන් කුමරුන් මදක්වත් පැකිලෙන්නේ නැති ව තම හැඟීම් පිය රජුන් ඉදිරියේ කියා සිටියේය .....

🔮🔮The Secret Of Yangzhai 🔮🔮 ...... Yizhan Historical ✔  Where stories live. Discover now